Fight it- Beat it


මේ දිනවල සීග්‍රයෙන් පැතිරී යන කොරෝනා උවදුර පිලිබඳව සමාජය දැනුවත් කිරීමෙ වැඩසටහනක් මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජය විසින් පසුගිය දිනයන්හිදී දියත්කෙ රුණි. සමාජ මාධ්‍යයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙම ව්‍යාපෘතිය යටතේ මුලින්ම කොවිඩ්-19 වසන්ගත රෝගී තත්වය පිලිබඳව හා එයින්ආරක්ශාවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කරනු ලැබිණි
ඉන්පසුව මෙම වසංගත තත්වයත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදය පිලිබඳව සහ, එය හැකිතාක් වැළැක්වීම සඳහා සමාජය විසින් කටයුතු කළ යුතු ආකාරය හා නිවසේදීම අවශ්‍ය එළවළු වර්ග වගා කල හැකි ආකාරය පිලිබඳව පැහැදිලි කළෙමු. මීට අමතරව ආහාර නාස්තිය අවම කිරීම මූලික අරමුණ කරගනිමින්,නිවෙස් වල ආහාර පරිභෝජනය හා ගෙවතු වගාව පිළිබඳව සමීක්ෂණයක්ද පවත්වනු ලැබිණි.මෙම දැනුවත් කිරීම් 'Facebook'; හා 'WhatsApp' ; සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරුනු ලැබිණි.
මුලු මහත් ලෝකයම ඉතා දරුණු වාතාවරණයකට මුහුණ පා ඇති මෙවැනි අවස්ථාවක, මොරටුව විශ්වවිද්‍යාලීය ලියෝ වරුන්ගේ මෙම සාර්ථක උත්සාහය සැබවින්ම අගය කල යුත්තකි.

No comments: