ලියෝ එක්ක අවුරුදු

මෙවර බක් මාසය උදා වීමත් සමග වසන්ත සමයට පරිසරය ලහි ලහියේ සූදානම් වුණේ වෙනදාටත් වඩා උද්යෝගයකින්. එරබදු තුරු මලින් හැඩ වී, කොවුලාගේ නාදය ගම්මැද්ද පුරා රැව් පිලිරැව් දුන්නේ උදා වෙන සිංහල හා දෙමල අලුත් අවුරුද්දට ඔවුන්ගේ සූදානම අපට පසක් කර දෙමින්.අවුරුදු දින ළං වත්ම පරිසරය නදුන් උයනක සිරි ගත්තෙ මීන රාශියෙන් මේශ රාශියට වඩිමින් හිටිය හිරු දෙවිඳුන්ට නමස්කාර කරන්න වගේ.

නමුත් පැතිරී යන කොරෝනා වසන්ගතය මධ්‍යයේ ලියෝ අපි නම් හිටියේ කුඩා සිත් තැවුලකින්. වෙනදා මෙන් ලියෝ අවුරුදු උත්සවය පැවැත්වීමට නොහැකි වීම අපට මුහුන දීමට සිදු වූ විශාල අභියගයක් වුණා. එම අභියෝගයට සාර්ථකව පිළිතුරු දෙමින් ලියෝ එක්ක අවුරුදු මෙවර වෙනස්ම මුහුනුවරකින් සංවිධානය කරනු ලැබුවා.

ලියෝ එක්ක අවුරුදු නමින් නිර්මාණය වූ "Facebook Group" එක හරහා වෙනදාටත් වඩා විශාල සාමාජික සංඛ්‍යාවකගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් අවුරුදු උත්සවය පැවැත්වීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ අපි සමත් වුණා. 2020 අප්‍රේල් මස 15 වන දින දවස පුරාම 'UoM' ලියෝ ගම්මැද්දේ, ලියෝ එක්ක අවුරුදු හරහා ඉතා
ආකර්ෂණීය තරඟ විශාල ප්‍රමානයක් පැවැත්වුනා. උදෑසන 09:30 සිට ආරම්භ වී අලියාට ඇස තැබීම, ලොකුම බොරුව, පැපොල් ගෙඩියේ ඇට ගන්න් කිරීම වැනි තරඟ මෙන්ම, හොඳම අවුරුදු ආච්චි සීයා, හොඳම තට්ටය, දිගම දිව සහ ලොකුම බඩ තේරීම වැනි සියලුදෙනාගෙ සිත් ගත් තරඟද තවත් තරඟ විශාල ප්‍රමාණයක්ද අති සාර්ථකව පවත්වා අවසන් කරනු ලැබුවා. දවස නිමා වන විට අප සමඟ එක්ව සිටි පිරිස දහස ඉක්මවා තිබෙනු දැකීම අප සියලුදෙනාගේ සිත්වලට මහත් සතුටක් ගෙන දුන්නා.තරඟ අවසානයේ විනිශ්චය මණ්ඩලයක් හමුවේ ජයග්‍රාහකයන් තෝරා ඔවුන්ට තෑගි ලබා දීමටත් අපි අමතක කළේ නැහැ. සියල්ලන් සමඟ වෙනදාට වඩා වෙනස්ම අත්දැකීම් රැසක් සමඟ විශාල සතුටක් සහ තෘප්තියක් ලබා ගැනීමට තරම් 'UoM ලියෝ' අපි භාග්‍යවන්ත වුණා.
සතුටු සිහන පතුරුවන්න...
සියලු දෙනා එකතු වෙන්න....
නව අවුරුදු සිරි විඳින්න...
ඔබ සියලු දෙනාට සාමය සෞභාග්‍ය පිරි නීරෝගිමත් සුභම අලුත් අවුරුද්දක් වේවායි 'UoM ලියෝ' අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

No comments: