අභියෝග මධ්‍යයේ දිවි පෙවෙතක් ගත කරන පවුලකට රුකුළක් වීම උදෙසා බලාපොරොත්තුවේ අරුණළු රැගෙන යමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කෙරූ ජීවනාරුණෝදය ව්‍යාපෘතිය ජූලි මස 27 වන දින සාර්ථකව අවසන් කරන ලදී
බටපොත කනංකේ ග්‍රාමයේ දිවි ගෙවන එම පවුලේ ගෘහ මූලික මහත්මයා ආබාධිත අයෙකු වූ අතර එම පවුලේ ජීවන ගමන ගෙන යාම උදෙසා ඔහු, ඔහුගේ බිරිඳ හා එක්ව බුලත් විට විකිණීම ඔවුන්ගේ අදායම් මාර්ගය බවට පත් කරගෙන ජීවත් විය. ඔවුන්ගේ මෙම ව්‍යාපාරයට ප්‍රධානම අත්වැලක් වූයේ ආබාධිත පුද්ගලයන් ගමන් ගන්නා රථයයි. නමුදු එම රථය අබලන් වීම හේතුවෙන් දෛනික ජීවනෝපාය ඇණහිට ජීවන ගමන ගෙන යාමට අපහසු තත්ත්වයක් උදාවී තිබුණි.
අප විසින් බටපොත කනංකේ ග්‍රාමයට ගොස් එම ආබාධිත පුද්ගලයන් ගමන් ගන්නා රථය අලුත්වැඩියා කර නැවත ඔවුනට ලබා දුන් අතර එමගින් ඔවුනට යළිත් ජීවන ගමන ගෙන යාමට සවියක් එක් විය. සරණක් අවැසිව සිටි ඔවුන්ට සරණක් වෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටද අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු.
No comments:
Post a Comment