VR වන්දනා

සමාජ සත්කාර මෙහෙවරෙහි නවමු මංපෙත් සොයායන මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ පුරෝගාමී ගමන් මඟෙහි තවත් එක් පියවරක් පසුගියදා සනිටුහන් විය. නව ලොවෙහි පෙරළිකාර තාක්ෂණයක් වන ‘VR තාක්ෂණය’ ඵලදායීව යොදා ගනිමින් සංවිධානය කරන ලද ‘VR වන්දනා’ ව්‍යාපෘතිය පසුගිය ජනවාරි මස විසිහතර වන දින හොරණ වැඩිහිටි නිවාසයේදී ඉතා සාර්ථකව අවසන් කෙරුණි.

ශාරීරික හා භෞතික සීමා පසෙකලමින් සැදෑ සමය ගතකරන අපේම වැඩිහිටියන්ට VR තාක්ෂණය ඔස්සේ දුරස්ථව පිහිටි විවිධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට අවස්ථාව සලසා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ විය. වැඩිහිටියන්ගේ සිත් සතුටු කරමින් ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙන එනු පිණිස තේ පැන් සංග්‍රහක් සමඟ සංගීතමය වැඩසටහනක්ද ව්‍යාපෘතිය අතරවාරයේදී පැවැත්වුණි.

ව්‍යාපෘතිය සාර්ථකව සංවිධානය කිරීම උදෙසා සහයෝගය ලබා දුන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු සියළුම දෙනාට අපගේ ස්තූතිය පුදකර සිටිමු. එමෙන්ම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය VR Box කට්ටල සපයමින් නිල තාක්ෂණික අනුග්‍රහය දැක්වූ Dialog - UoM Research Lab ආයතනයට ද අපගේ ගෞරවාන්විත ස්තූතිය පුදකරමු.



No comments: