විදු සවිය

‘ඉගෙනුමට මග කියන විදුබිමට සවියක් ‘යන තේමාවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලබන විදු සවිය ව්‍යාපෘතියේ පළමු අදියරය, 2024 දෙසැම්බර් මස 12 සහ 13 යන දිනවලදී දුම්බර මානාන මහා විද්‍යාලයේදී සාර්ථකව අවසන් කිරීමට අපට හැකිවිය.

දුම්බර මානාන මහා විද්‍යාලයේ භෞතික පහසුකම් නවීකරණය කරමින් එම පාසල තුල උසස් ඉගෙනුම් පරිසරයක් ඇතිකිරීම ව්‍යාපෘතියේ අරමුණ විය. ව්‍යාපෘතියට සමගාමීව සිසුන් විසින් පරිහරණය කරන මේස සහ පුටු සියයකට ආසන්න සංඛ්‍යාවක තීන්ත ආලේප කිරීම, විද්‍යාලයීය ප්‍රධාන ශාලාව පන්තිකාමර සඳහා වෙන් කිරීම සහ පන්තිකාමරවල දැල් ආවරණයන්හි තීන්ත ආලේප කිරීම යනාදී නවීකරණ කටයුතු සිදු කෙරුණි. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජිකයින් සහ දුම්බර මානාන මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම පළමු අදියර ඉතා ඵලදායීව නිමාවිය.

ව්‍යාපෘතියේ පළමු අදියරයෙහි සියළු කටයුතු සඳහා නන් අයුරින් සහය දුන් සැමටත්, දුම්බර මානාන මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ටත් අපගේ ගෞරවාන්විත ස්තූතිය පුදකර සිටිමු.



No comments: