ජීවයාත්‍රා

ශ්‍රී ලංකාව තුල බහුලවම සිදු වන ස්වභාවික ආපදාවක් ලෙස ගංවතුර සැලකිය හැකිය. අධික වැසි සහිත ප්‍රදේශවල සහ විශාල ගංගා මෝයවල් අසල ප්‍රදේශවල ජල ගැලීම් බහුලව දක්නට ලැබේ. එවැනි ප්‍රදේශවල ජනතාවගේ ජීවිත සුරක්ෂා කිරීමට මොරටුව විශ්ව
විද්‍යාලයීය ලියෝ සමාජය විසින් ජීවිතාරක්ෂක කබා ලබා දීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස ආරම්භ කරන ලදී.

එතැන් සිට මේ දක්වා සෑම මාසයකම ගංවතුර ආපදාවට ලක්ව ඇති හෝ එවන් අවදානමක් ඇති ප්‍රදේශ සොයා බලා එම ප්‍රදේශවල ජනතාවට ජීවිතාරක්ෂක කබා ලබා  දීමට කටයුතු කරන ලදී. ඒ අනුව පළමු වැඩසටහන බුලත්සිංහල ඉහළ වෙල්ගම ග්‍රාමයේ ප්‍රදේශවාසීන් විස්සකට ආසන පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා සාත්තු සාඩම්බර ආයතනය හා තවත් පරිත්‍යාගශීලීන් මූල්‍යාධාර ලබා දෙන ලදී. දෙවන සහ තෙවන වැඩසටහන් රත්නපුර මිල්ලවිටිය ග්‍රාමයේදී හා අකුරැස්ස කුඩාගොඩ ශ්‍රී සංඝාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.


ස්වාභාවික ආපදාවලින් පීඩා විඳින්නන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙහෙයවූ මෙම වැඩසටහන සමාජ ආරක්ෂාවට උපකාරයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. 


No comments: