ස්නේහ යාත්‍රා

ළමා නිවාසයක රැකවරණය ලබන පොඩිත්තන්ට සමබර මෙන්ම පෝෂණීය වූ ආහාර සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අරමුණින් 2024/25 ලියෝ වර්ෂය පුරා සෑම මසකම පැවැත්වෙන “ස්නේහ යාත්‍රා” ව්‍යාපෘතියෙහි සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මස දිගහැරුම් මේ වන විට සාර්ථකව අවසන්ව ඇත. මව්පියන් අහිමි පොඩිත්තන්ගේ කුසගිනි නිවාලනු වස් “පුංචි සිතට අඩුවක් නොදැනෙන්නට මල් කැකුළු සුරකින දෑතට සවියක්” තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය මොරටුව ශාන්ත‌ ජෝන් ළමා නිවාසයේදී පවත්වන ලදී.

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ බහු සේවා අධ්‍යක්ෂ ලියෝ තිසරි පිටවලගේ මගපෙන්වීම යටතේ සැප්තැම්බර් මස දිගහැරුම පුදාරා සිරිවර්ධන විසින් ද, ඔක්තෝබර් මස දිගහැරුම තමාදි ජාගොඩ විසින් ද, නොවැම්බර් මස දිගහැරුම විශ්මි සවින්දි විසින් ද මෙහෙයවන ලදි. 

ඔක්තෝබර් මාසයේදී එම ළමා නිවාසයේ දරැවන් සඳහා විශේෂ ළමා වෙෙද්‍ය කඳවුරක් ද එගොඩ උයන වෙෙද්‍ය නිලධාරී කාර්යාලයේ සහය ඇතිව සංවිධානය කරන ලද අතර සෑම මසකටම අවශ්‍ය අහාරමය අමුද්‍රව්‍ය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රැස්කර ගැනීමට හැකි විය.  

තෙමසක් පුරාවට මෙම මාහැඟි කර්තව්‍යය සමඟින් සෙනෙහසින් අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාටම අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටින අතර ඉදිරි මාස වලදීත් ඔබට හැකි අයුරින් දායක වී ස්නේහ යාත්‍රාවට සවියක් වන ලෙස ඔබට ඇරයුම් කරමු.

No comments: