ශ්‍රී ලාංකීය ජනතාව මුහුණදුන් දරුණතම ඛේදවාචකයක් ලෙස 2004 දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනය සැලකිය හැකිය. එම ව්‍යසනය මෙරටට හිමි කලේ ජීවිත හා දේපළ හානි ඇතුළු අමිහිරි මතකයන් පමණක්ම ය.
එම අමිහිරි මතකයට වසර විස්සක් සපිරුණු පසුගිය දෙසැම්බර් මස 26 වන දින මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයීය අප සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීමේ අරමුණින් ‘නොනිමි දිවි’ සර්වාගමික පුණ්‍යානුමෝදනා වැඩසටහන මෙරට ප්‍රධාන ආගම් සතර නියෝජනය වන පරිදි ආගමික සිද්ධස්ථානයන් සතරක දී පැවැත් විණි.
ඒ අනුව බෞද්ධාගමික පුණ්‍යානුමෝදනා වැඩසටහන සුවාරපොල සුධර්ශනාරාම විහාරයේදී ද, ඉස්ලාම් ආගමික වතාවත් අක්කරෛපත්තු ජුම්මා නව මස්ජිද් හි දී ද, කිතුනු ආගමික වතාවත් විල්ලෝරාවත්ත සාන්ත බ්රෝමියෝ දේවස්ථානයේ දී ද සහ දමිළ ආගමික වතාවත් යාපනය අරලි දකුණ වඩ්ඩුකොඩෙයි ප්‍රදේශයේ මාතන්කෝවිලෙහි ද සාර්ථකව පවත්වනු ලැබීය.