නොනිමි සෙවනැලි

 2004 වසරේදි රුදුරු සුනාමි සැඩ පහරින් අප අතරින් වියෝ වු  ආදරණීයන් 
මතකාවර්ජනයට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ බෞද්ධ, දමිල හා කිතුනු ආගමික සහෝදර සහෝදරියන්ගේ මූලිකත්වයෙන්  සිදුකරනු ලැබූ පුන්‍යානුමෝදනා වැඩසටහන් මාලාව 2023 දෙසැම්බර් මස 26 වන දින ආගමික ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් සිදු කරනු ලැබුනි.

එදින නුවරඑළිය දික්ඔය පිල්‍යාර් කොවිල, වේවල ශාන්ත ලාසරස් දේවස්ථානය සහ ශ්‍රී විජයාරාම බෝධිය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම පුන්‍යානුමෝදනා වැඩසටහන් මාලාව සිදු කරන ලදි.

සුනාමි ව්‍යසනයෙන් අප අතරින් වියෝවු ඒ ආදරණීයන් හට පුන්‍යානුමෝදනාවන් එක් කරන්නට සංවිධානය කරන ලද මෙම වැඩසටහන මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජයේ සහෝදර සහෝදරියන් රැසකගේ දායකත්වයෙන් සාර්ථක කරගැනීමට හැකිවිය.






No comments: