නාද අත්වැල

 පු/ කොට්ටුකච්චිය මහා විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ සංගීත භාණ්ඩ අලුත්වැඩියා  කිරීමේ ව්‍යාපෘතිය, “නාද අත්වැල” මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ තවත් එක් සමාජ මෙහෙවරක් ලෙස දියත් කරන ලදී.

2023 දෙසැම්බර් මස 18 වන දින එම විද්‍යාලයේ සෞන්දර්‍ය අංශයට නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයක් පැවති අතර එහිදී ලියෝ අප හට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර අප විසින්, අලුත්වැඩියා  කරන ලද සංගීත භාණ්ඩ විද්‍යාලය වෙත භාරදීම සිදු විය. මේ සඳහා විද්‍යාලයේ විදුහල්පති ඇතුලු ගුරු මඩුල්ල ද සිසු සිසුවියන් මෙන්ම ආදී ශිෂ්‍යයන්ද සහභාගි විය.


විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් අපගේ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ ඇගයීමට ලක් කළ අතර ඉදිරි කටයුතු සඳහා සුභාශිංසන එකතු කරන ලදී.

  

No comments: