යාළු with யாழ்

සංස්කෘතික රාමු වලින් තොරව සාමය හා සහජීවනය පෙරදැරි කොටගත් සමාජයක් බිහිකිරීම දැක්ම කොටගෙන මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ මීලඟ වෑයම, යාළු with யாழ் ලෙසින් දියත් කෙරුණි.

මාතර රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය හා මානිපේයි පැරිෂ් ලියෝ සමාජය සමඟ එක්ව දියත් කරනු ලබන මෙම ක්‍රියාදාමයේ මූලික පරමාර්ථය වූයේ  විවිධ දේශපාලනික හා සමාජීය ගැටලු හේතුවෙන් දුරස් වූ සිංහල හා දමිළ මිතුරු සබඳතා යලි ඔප්නංවාලීමයි .



උතුරත් දකුණත් යා කරමින් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සහෘද හදවත් එක් කිරීමේ අරමුණින් සෙනෙහසේ පණිවිඩය සහෝදරත්වයේ ලිපිනයන් වෙත යොමුකරන පෑනේ මිතුරන් රැසක් බිහිකිරීමට මෙතුලින් ඉඩ හසර විවර වනු ඇත. 

අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු පියවර පසුගිය අගෝස්තු 31 වනදා සාර්ථකව සනිටුහන් කරන ලදී. 

No comments: