Nonimi Senehasa

 

දිනෙන් දින කාර්යබහුල වන ජීවන රටාවත් සමඟ ක්‍රමයෙන් සාරධර්ම ගිලිහී යන වත්මන් සමාජයේ පවතින නිසි අවධායට ලක් නොවූ තවත් එක් ගැටලුවක් පිළිබඳ සිය අවධානය යොමු කරමින් ඊට පිළියමක් සොයනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය ගන්නා වෑයමකි, නොනිමි සෙනෙහස ව්‍යාපෘතිය.

අප කුඩා කළ සිටම "වැඩිහිටියන්ට සැළකීම" යහපත් සාරධර්මයක් ලෙස උගත්තද, විවිධ හේතූන් මත වත්මන් සමාජයෙන් මෙම ගුණධර්ම ගිලිහෙමින් පවතින බව අපට අසන්නට ලැබෙන ඇතම් පුවත් වලින් මොනවට පැහැදිලි වේ.



මේ හේතුවෙන්, දැයැක් තැනීමට දායක වූ දැනට තම දිවියේ සැඳෑ සමය ගත කරමින් සිටින අපේම ජ්‍යෙෂ්ඨ පුරවැසි පරපුරෙහි සුරක්ෂිතභාවය තහවුරු කිරීමත්, වැඩිහිටියන්ට සැළකීම උදෙසා සමාජය දිරිමත් කිරීමත් අරමුණු කරගනිමින් ජනප්‍රිය කලාකරුවන්ගේ අදහස් දැක්වීම් ඇතුළත් කෙටි වීඩියෝ පට මාලාවක් තුළින් සැප්තැම්බර් මස 10වන දා සිට සෑම සිකුරාදාවකම UoM Leos YouTube නාලිකාව ඔස්සේ ඔබේ හදවත් ආමන්ත්‍රණය කරන්නට නිමවූ අනඟි තෝතැන්න "නොනිමි දිවිමඟ අමිල සෙනෙහස -  නොනිමි සෙනෙහස" ව්‍යාපෘතිය, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් අපේම මව්පියන් වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීමට ගන්නා උතුම් වූ ප්‍රයත්නයකි.




අපගේ මෙම වෑයම සාර්ථක කරගැනීමට, විශිෂ්ට කලාකෘති ඔස්සේ ජන හදවත් වැළඳගත් දක්ෂ සුවිශේෂ කලාකරුවන් රැසක් ඔබ දැනුවත් කිරීම උදෙසා සිය වටිනා අදහස් සමඟින් අප සමඟ අත්වැල් බැඳගන්නා අතර එම වීඩියෝ පට මාලාවේ පළමු දිග හැරුම ඔස්සේ පසුගිය සැප්තැම්බර් 10වන සිකුරාදා දින ප්‍රවීන ගී පද රචක බන්දුල නානායක්කාරවසම් මහතා ඔබ ආමන්ත්‍රණය කරන ලදි.

අපගේ ආදරණීය වැඩිහිටි පරපුරෙහි සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත්, ඔවුන්ට සතුටෙන් සැහැල්ලුවෙන් දිවි ගෙවීමටත් මෙම වීඩියෝ පට මාලව කුඩා හෝ රුකුලක් වනු දැකීම ලියෝවරුන් ලෙස අපගේ ඒකායන ප්‍රාර්ථනයයි.

No comments: