sarasamu yawwanaya


 මතින් තොර හෙටකට පානා සරසවි අඬහැරය

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය, බද්දේගම ක්‍රිස්තු දේව බාලක විද්‍යාලය සමඟ, අන්තරායකර  ඖෂධ පාලක මණ්ඩලය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ දායකත්වය ඇතිව, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ  යොවුන් පරපුරේ දැනුවත් භාවය ඉහළ නැංවීම උදෙසා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින පවත්වන ලදී. 6 සිට 11 දක්වා ශ්‍රේණි වල සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩමුළුව ජාත්‍යන්තර කථක, උපදේශක, ආචාර්ය රනිල් සුගතදාස මහතා , පොලිස් පරීක්ෂක , ස්ථාන භාර නිලධාරී (පුහුණු) , S.M. ප්‍රේමරත්න මහතා , අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රවීන දේශිකා , P. රත්නායක මහත්මිය, ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශිකා  S.D.K.විමලසිංහ මහත්මිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික  මණ්ඩලයේ ගරු සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වය ඇතිව

ඉතාමත් සාර්ථක අයුරින් පැවත්විණි.


වැඩමුළුවට සමගාමීව චිත්‍ර ,කවි හෝ නිසදැස් , කථික හා ප්‍රශ්න විචාරාත්මක යන තරඟ කාණ්ඩ යටතේ තරඟ පැවැත්වෙන අතර ඉදිරියේ දි ජයග්‍රහකයින්ට වටිනා සහතික පත්‍ර පිරිනැමීමට ද සූදානම් කර ඇත.

දිනෙන් දින මත් රකුසාගේ ගොදුරු බවට පත්වන යොවුන් පරපුර ඉන් මුදවා සොදුරු අනාගතයක් වෙනුවෙන් පෙළගැස්වීමට ගත් ප්‍රයත්නයක පළමු අදියර එලෙස සාර්ථක අයුරින් නිමාවට පත්විය.



No comments: