ලාංකීය ගොවි මහතුන්ගේ ජීවිකාව ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “අහුරු අස්වැදුම” ව්‍යාපෘතිය, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් යථාර්ථයට ගෙන ආ තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක් ලෙස හැඳින්විය හැකිය. මෙම ව්‍යාපෘතිය මඟින් ගොවි මහතුන්ට වගාව ආරම්භ කිරීමට අවශ්‍ය අත්වැල, මඟපෙන්වීම සහ මූලික අවශ්‍යතා ලබාදීම සිදුකරන අතර ඔවුන්ගේ දෛනික අභියෝග ජය ගනිමින් ජීවනෝපාය සාර්ථකව කරගෙන යෑමට සවියක් වන්නෙමු.
ව්‍යාපෘතියේ පළමු අදියර 2025 නොවැම්බර් මස පළමු දින යොනාකැටිය කෙත්බිම් පරිශ්‍රයේදී සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි. මෙම අවස්ථාවේදී ගොවි මහතුන්ට වගාව ආරම්භ කිරීමට අත්‍යවශ්‍ය බිත්තර වී සහ පොහොර පරිත්‍යාග කිරීම සිදු කෙරිණි. එමෙන්ම ගොවි මහතුන්ට බීජ වැපිරීමේ මුල් පියවර ආරම්භ කිරීමට අවශ්‍ය පැහැදිලි මඟපෙන්වීම සහ අධීක්ෂණය ලබාදීමටද හැකි විය.
ව්‍යාපෘතියේ ඉදිරි අදියරයන් තුළ ගොවි මහතුන්ට වගාව පවත්වාගෙන යාමට අවශ්‍ය වල්නාශක, කෘමිනාශක ඇතුලු අනෙකුත් උපකාරක ද්‍රව්‍යයන් ලබාදීමත් වගාවන් අධීක්ෂණය සිදුකරමින් අවශ්‍ය උපදෙස් ගොවි මහතුන් වෙත ලබාදීමද ව්‍යාපෘතියේ ප්‍රමුඛ භූමිකාවකි. අස්වැන්න ලැබෙන දින දක්වා ඔවුන්ට අඛණ්ඩ අත්වැලක් වීමට අප කැපවී සිටිමු.
සෞභාග්‍යමත් ජීවන ගමනකට මංපෙත් පාදමින් කෘෂි කර්මාන්තයේ නියුතු අපේම ගොවි මහතුන්ගේ කෙත්වතු අස්වැද්දීමට සවියක් වෙමින් ගෙන එන “අහුරු අස්වැදුම” ව්‍යාපෘතිය මනුසත් අරමුණු පෙරදැරි කරගනිමින් සමාජ මෙහෙවරක් ලෙස ඉදිරියට ගෙන යාම අපගේ බලාපොරොත්තුවයි.
No comments:
Post a Comment