අභිෂේකාභිවන්දනා

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයෙහි විසි දෙවන සංවත්සරය සහ 2025/26 නව ලියෝ වසරට ආශිර්වාද පැතීම නිමිති කරගෙන සංවිධානය කරනු ලැබූ ‘අභිෂේකාභිවන්දනා’ ආශිර්වාද බෝධි පූජා පිංකම,  ජූලි මස 23 වන දින බොල්ගොඩ සිරි විජයාරාම බෝධි පරිශ්‍රයේ දී සාර්ථකව නිම කෙරුණි.


අති පූජනීය බොල්ගොඩ සිරි විජයාරාම විහාරාධිපති, වේපතඉර ඒමාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම පැවැත් වූ අතර මෙම සුවිශේෂී කටයුත්ත සඳහා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ ලියෝවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය වූ මෙම පිංකම තුළින් ලැබූ  ආශිර්වාද අනුශාසනා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයට නව අරුතක්, නව ඇරඹුමක් එක් කළ බව නොඅනුමානය. 


මෙවන් ආගමික කටයුත්තක් සාර්ථකව නිමකර ගැනීමට නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුදකරන අතර ඔබ සැමගේ ආශිර්වාදය සහ සහයෝගය නව ලියෝ වසරට ආලෝකයක් වනු ඇත. 










No comments: