තර්ක - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද තරගාවලිය 2025 අවසාන මහා තරගය සහ එයට සමගාමීව පැවැත්වූ කථික තරගාවලිය පසුගිය මාර්තු 08 දිනය පුරා මොරටුව විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
පෙර වර් ෂයේ මෙන්ම මෙවරත් හෙළකුරු සමඅනුග්‍රහයෙන් පැවැත්වූ මෙම තරගාවලිය පසුගිය දෙසැම්බර් මස සිට මාර්තු දක්වා මාස හතරක කාලයක් පුරා තරගවට කිහිපයක් ඔස්සෙ පැවැත්වුණි. මෙම තරගාවලියේ මූලික වට තරගයන් අන්තර්ජාලය ඔස්සෙ පවත්වන ලදී. ශ්‍රේණි වශයෙන් පැවති කථික තරගාවලියට පාසල් සිසුන් පන්සිය පනහකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි විය.
විවාද තරගාවලියේ මූලික තරගයන් සඳහා පාසල් විවාද කණ්ඩායම් හැත්තෑවක් ලියාපදිංචි වූ අතර එයින් කණ්ඩායම් අටක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ලදී. එම කණ්ඩායම් අට අතරින් කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටයේ තරග කල අතර අවසාන මහා තරගය සදහා කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලයන්හි විවාද කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. එහිදී කොළඹ ලුම්බිණි විද්‍යාලයීය විවාද කණ්ඩායම ශූරතාවයද කොළඹ නාලන්දා විද්‍යාලයීය විවාද කණ්ඩායම අනුශූරතාවයද දිනාගන්නා ලදී.
තරගාවලියට සමගාමීව පැවැත්වූ මනාප මගින් ජනප්‍රියතම විවාද කණ්ඩායම තෝරාගන්නා අදියරේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයීය විවාද කණ්ඩායම ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස අබිසෙස් ලබන ලදී.
No comments:
Post a Comment