ලියෝ පැදුර 2025

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ සකල කලාවේ අතික්‍රමණය ‘ලියෝ පැදුර 2025’ පසුගිය මාර්තු මස දෙවන ඉරු දින විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ දී අති සාර්ථකව පවත්වන ලදී.


ඒ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන්, විශ්ව විද්‍යාලයීය සිසුන් මෙන්ම අනෙකුත් ලියෝ සමාජ කිහිපයකම ලියෝවරුන් සහභාගී වූ අතර එහිදී ඔවුන්ට ද  ගායනයෙන් නර්තනයෙන් එම සන්ධ්‍යාව වර්ණවත් කරන්නට අවස්ථාව උදා විය. වත්මන් පරපුරේ ප්‍රසිද්ධ ගායකයෙකු වන ධ්‍යාන් හේවගේ ද මෙම සංගීත සන්ධ්‍යාව සඳහා එක්වූ අතර ඔහුගේ සුමිහිරි ගායනයකින් 2025 ලියෝ පැදුර තවත් උත්කර්ෂවත් විය.


දින ගණනාවක සාමූහිකත්වයේ ප්‍රතිඵලයක් වූ ‘ලියෝ පැදුර 2025’ නර්තනය, ගායනය, වාදනය ඇතළු සියලු කලාවන්ගෙන් පරිපූර්ණව විචිත්‍ර සන්ධ්‍යාවක් කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ට හැකි වූ වගයි.


  

     









No comments: