යෙහෙළි - 3 වන අදියරය - Penta Thive

දැයෙහි කාන්තා පරපුරට දිරියක් වෙමින් ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් යෙහෙළි ව්‍යාපෘතියෙහි 3 වන අදියරය Penta Thive සංවිධානය කරන ලදි. එය දෙසැම්බර් මස 28 වන දා සිට දිවයින පුරා දිස්ත්‍රික්ක 5 ක් ආවරණය වන පරිදි පැවැත්විණි.

Penta Thive හි පළමු හා දෙවන උප ව්‍යාපෘති ලෙස ආභරණ නිෂ්පාදන ස්වයං රැකියා එක්දින වැඩමුළු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගම්පහ දොම්පේ රැස්වීම් ශාලාව යන ස්ථානයන් හිදී සිදු කෙරුණි. 


තුන්වන හා හතරවන උප ව්‍යාපෘති ලෙස බයිට් නිෂ්පාදන ස්වයං රැකියා එක්දින වැඩමුළු කුරුණෑගල සුවසත්ති ග්‍රාමයේ දී සහ හලාවත මන්නක්කුලම ග්‍රාමයේ දී සිදු කෙරුණු අතර නුවර බෝගස්කුඹුර ග්‍රාමයේ දී සබන් නිෂ්පාදන ස්වයං රැකියා එක්දින වැඩමුළුවක් පස්වන උප ව්‍යාපෘතිය ලෙස දියත් කෙරුණි.

මෙම වෑයම තුළින් දිරිය කතුන්ට අත්වැලක් වී ඔවුන්ගේ ජීවන මඟට මංපෙත් තනන්නට ලියෝ සමාජයේ අපිට හැකි විය.





No comments: