අභියෝග හමුවේ ජීවන අරගලය ජය ගන්නට වෙර දරනා දිරිය ලියන්ට අත්වැලක් වීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දියත් කරනු ලැබූ යෙහෙළි ව්‍යාපෘතියෙහි පළමු අදියර සැප්තැම්බර් මස පළමු වන දින කුරුණෑගල, ගල්ගම්මුල්ල මයුරාවතී මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
එහිදී ඔවුන්ට ගෙවතු වගාවන් සඳහා අවශ්‍ය මිරිස්, අඹ හා පැෂන් ෆෘට් ආදී පැළ වර්ග ද දඹල, මෑ, වම්බටු, බෝංචි යන බෝගවල බීජ වර්ග ද බෙදා දීම සිදු කෙරුණි. තවද එම වගාවන් මඟින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලීමට අදාළ දැනුම ලබා දීම සඳහා වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි. ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දීමට එම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහත්මිය සහ කෘෂිකර්ම පර්යේෂක, නිශ්පාදන සහකාර මහතා අප හට සහයෝගය ලබා දීමට එක්වුණි.
එදින කාන්තාවන් 80 කට ආසන්න ප්රමාණයකගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලැබීය. රටේ ජීවනාලිය වන් කාන්තාවන්ට දිරියක් වී ඔවුන්ගේ ආර්ථිකයට සවියක් වීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ අපට හැකි විය.
No comments:
Post a Comment