නිර්වාණ ද්වාර

 

ආමිස පූජාවෙහි වටිනාකම සමාජයට ගෙනහැර දක්‌වමින් ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයෙහි හුරු බව වඩාත් හොඳින් සනාථ කරන්නට පසුගිය දා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් උත්සුක වූයේ උදාර චේතනාවක් පෙරදැරි කරගෙනය.

නිර්වාණ ද්වාර ලෙසින් දියත් කළ මෙම මාහැඟි කර්තව්‍යයෙහිලා මූලික කාර්යය වූයේ ඉමදුව මෙත් බෝ සෙවණ අසපුව පිළිසකර කිරීම සඳහා ශ්‍රමදානමය පිංකමක් ක්‍රියාත්මක කිරීමයි. 2021 ජනවාරි 16 දින පෙ.ව 9.00 සිට දියත් කළ මෙම මාහැඟි කර්තව්‍යයෙහි සාර්ථක නිමාවක් දැකීමට බොහෝ පිරිසකගේ උත්සාහය සහ කැපවීම එකතුවිණි. එපමණක් නොව මෙම අනගි කර්තව්‍යය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ බව ද නොරහසකි. 


නිර්වාණ දොරටු පතා ඒ උදෙසා පාරමිතා පුරන්නට යහපත් චේතනා පෙරදැරි කරගත් ලෙන්ගතුකමේ සද්ධර්මය යාත්‍රාව, නිර්වාණ ද්වාර දැහැමි සමාජයක් උදෙසාම අස්වැසිල්ලක් වූයේ මෙවන් යහපත් දෑ කිරීමට සියල්ලන්ටම ආරාධනා කරමින්ය.


No comments: