විදු විභව

සිහින යථාර්ථයක් කරගැනීමට වෙර දරන පොඩිත්තො රෑනකගේ මුවට සිනහවක් එක්කරන්නට, තවත් සොඳුරු දිනයක පූදින්නට බලාපොරොත්තුවෙන් හිරු යදින මල් කැකුළු ගොන්නකට ආලෝකයක් වන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් තැබූ සොඳුරු පියවර අවසන් වන්නේ වව්නියාව නාමල්ගම විද්‍යාලයේදී විදු විභවයක් ලෙසිනි


ජීවිතය ජයගැනීමට අත්වැලක් වනු වස් වව්නියාව නාමල්ගම  විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගේ කඩයිම සාර්ථකව ජයගනු වස් දියත් කළ දැනුම් විභවය, "විදු විභව" පසුගිය ඔක්තෝබර් 25 වන දින සාර්ථක වූයේ සැමගේ අපේක්ෂා මල්ඵල ගන්වමිනි. ගෝලීය වශයෙන් සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම බොහෝ බාධා එල්ල වන මොහොතක බාධක ආශිර්වාදයක් කරගනිමින්, තාක්ෂණික දියුණුව ඵලදායිව යොදාගනිමින් ඔවුන්ට ජීවිතය ජයගැනීමට ආරාධනා කරමින් මොරටුව විශ්වවිද්‍යාලයීය  ලියෝවරුන් විසින් නිර්මිත අපූර්ව ශිල්ප ගබඩාව, තාක්ෂණික මෙවලමක් ලෙසින් මල් කැකුළුවලට තිළිණ කිරීමට අපට හැකියාව ලැබිණි. එලෙස පරිත්‍යාග කළ දැනුම් ගබඩාවේ ඔවුන්ට අවශ්‍යවිෂය කරුණු අන්තර්ගත විඩියෝ පට බොහොමයක් අන්තර්ගත වූ අතර ඒවා ඔවුන්ගේ කඩයිම සාර්ථකව ජයගැනීමට අත්වැලක් වනු නොඅනුමානය.

සාර්ථකව අවසන් වූ මේ කාර්යය පිටුපස දිවා රෑ නොබලා වෙහෙස වූ බොහෝ දෙනාගේ කැපවීම මෙන්ම බොහෝ දෙනාගේ ආශිර්වාදයන් ගැබ්ව තිබුණි. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය වශයෙන් සියලු දෙනාටම කෘතවේදී වෙමු.





No comments: