අස්වැද්දුමට පෙරවදනක්

 

කාන්තා සවිය තුළින් ස්වයං රැකියාවට නව පෙරළියක්.......


මොරටුව විශ්ව විද්‍යයාලීය ලියෝ සමාජයේ මැදිහත් වීමෙන් පසුගිය ජූලි මස 23 වන දින ගල්පොල, කුලියාපිටිය ප්‍රදේශයේදී පවත්වන්නට යෙදුණු "අස්වැද්දුමට පෙරවදනක්", ග්‍රාමීය කාන්තාවන් හට ස්වය‍ං රැකියා පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුව සාර්ථකත්වයට එහා ගිය සමාජ මෙහෙවරක් ඉටුකළ බව, පැමිණ සිටි සියලු දෙනාගෙන් අප ලද උණුසුම් ප්‍රතිචාර තුළින් පසක් විය.



එහිදී මූලස්ථාන
කෘෂිකර්ම උපදේශිකා, චාන්දනී අලහකෝන් මහත්මියගේ සම්පත් දායකත්වයෙන් හා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් පැවති බිම් මල් වගාවේ සියලු අදියරයන් නිසි පරිදි පවත්වාගෙන යන අයුරු පිළිබඳ මනා සැලසුමකින් හෙබි දේශනය හා ප්‍රායෝගික වැඩමුළුව පැමිණ සිටි 20 කට ආසන්න ග්‍රාමීය කාන්තාවන් පිරිසකගේ අවධානය නවමු මාවතකට යොමු කිරීමට සමත් විය.

මෙහිදී අප ලද නොමද ප්‍රශංසාවත්, සාර්ථකත්වයත් තුළින් ලැබූ පන්නරය මෙන්ම නිහතමානී උද්‍යෝගය තවත් මෙවැනි සමාජ සේව්‍යය ව්‍යාපෘති බොහෝ ප්‍රමාණයකට අඩිතාලම සපයමින් පවතී.




             


 

No comments: