මහනුවර ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ පෙරහැර මංගල්‍යයකි. ශ්‍රී ලංකාව තුළ කොයි තරම් පෙරහැර මංගල්‍යය තිබුණද මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය තරම් සංස්කෘතික අතින් මෙන්ම සහ කලාත්මක අතින් පිරිපුන් පෙරහැර මංගල්‍යයක් නොමැති තරම් ය. මෙවරද ජූලි මස 25 සිට අගෝස්තු මස 4 වැනිදා දක්වා එසේ පැවැත්වුනු පෙරහැර මංගල්‍යය අවසන් වූයේ 4 වැනිදා සුබ මොහොතින් යෙදෙන මහවැලි නදියේ දිය කැපීමේ මංගල්‍යයත් සමඟිනි.
වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දළදා පෙරහැර නැරඹීමට පැමිණියත් මෙවර ලොව පුරා පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහැර ප්‍රේක්ෂකයන් ගෙන් තොරව පැවැත්විනි.
දළදා පෙරහැර සමඟ බැදී පවතින සංස්කෘතික හා චාරිත්‍ර විධි බොහෝමයක් ඇත.එමෙන්ම ඒ හා බැදී පවතින විවිධ අතීත කතාංගයන් ඇත.බොහෝ දෙනා මේවා පිළිබඳව නොදැනුවත්ය.
සෙංකඩගල දළදා මංගල්‍යයේ නෑසූ තතු පිළිබදව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් පසුගිය දිනයන්හිදී දියත් කෙරුණි.මෙම දැනුවත් කිරීම, “සෙංකඩගල වරුණ” නමින් ලිපි මාලාවක් තුළින් facebook හා whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලැබුණි.
ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන “කප් සිටුවීම”,දළදා පෙරහැර මූලික කොට ගත් ප්‍රධාන මංගල්‍යන් වන සතර මහා දේවාල පෙරහැර පිළිබඳ තතු ඇතුළත් “දළදා වරුණේ තතු”,දළදාව වැඩමවීමේ සිට දළදා පෙරහැර ක්‍රමයේ ආරම්භය දක්වා තොරතුරු සදහන් වන “පෙරහැර මුල් පිරීමේ අතීතය සොයා”, දළදා පෙරහැර හා බැදුණු ප්‍රාතිහාර්‍ය ජනක කතාංගයන්ගෙන් සමන්විත “සිත් සනහන හාස්කම් පිරි සිරි දළදා පෙරහැර”,දළදා කරඩුව වැඩමවන නැදුන්ගමුවේ රාජා පිළිබද විස්තර ගෙනහැර දක්වා ඇති “ඇත් රජ ගමන”,ලක්දිවට වෙස් නැටුම හිමි වූ අයුරු ,වෙස් නැටුම් පරම්පරා ආදී තතු ඇතුළත් “ඇසළ පෙරහැරට දිව්‍යමය වටිනාකමක් ගෙනා වෙස් නැටුමේ නෑසුනු කතාව”,සාහිත්‍ය මූලාශ්‍රයන්හි දළදා පෙරහැර විස්තර කර ඇති අයුරු දක්වා ඇති “දළදා පුවතේ සාහිත තතු”,මහනුවර ඇසළ පෙරහැරෙහි කූටප්‍රාප්තිය සනිටුවහන් කෙරෙමින් ආරම්භ වන රන්දෝලි පෙරහැර ගැන පූර්ණ විස්තරයක් ඇතුළත් “රන්දෝලි මහ පෙරහැර” ,ආදී තොරතුරු රාශියකින් අදියර අටකින් සමන්විත වූ මෙම ලිපි මාලාව අන්තර්ගත වී තිබිණි.
සෙංකඩගල දළදා මංගල්‍යයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයකින් මෙම ව්‍යාපෘතියේ අවසානය සනිටුවහන් කෙරුණි.
මෙවන් වටිනා තොරතුරු වර්තමාන තරුණ පරම්පරාවෙන් ගිලිහී යන වකවානුවක ඒවා කරලියට ගෙන එමින් ,මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ වරුන් ගත් මෙම සාර්ථක උත්සාහය සැබැවින්ම අගය කළ යුත්තකි.
No comments:
Post a Comment