Earth Hour 2015...

මොහොතක් පාසා දැවෙන මිහිකත බිඳකට හෝ සනහාලනු වස් මොරටුව විශ්වවිද්‍යාලීය ලියෝ සමාජයේ සහෝදර කැළ 2015 මාර්තු 28 වන දින සවස් යාමයේ විශ්වවිද්‍යාල භූමියට එක්වුයේ ලොව නන් දෙස සමරන “මිහිකත හෝරාව - 2015” සැමරීම සඳහා ය. 




මෙවර ජගත් තේමාව වූ ‘දේශගුණික විපර්යාස අවම කරමු’ යන්න මුලික කොටගෙන විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරියේ සහයෝගයද ඇතිව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දැල්වෙන අනවශ්‍ය විදුලි පහන් සියල්ල රාත්‍රී 8.30 සිට 9.30 දක්වා නිවා දමා මිහිමවගේ ජීවය මඳකින් හෝ වැඩි කිරීමට කටයුතු කළහ.



 ඉන්පසු බොල්ගොඩ වැව් ඉස්මත්තට රැස් වූ අප දසත අඳුරේ ගිලීම වැලැක්වීමට අවට ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් කර “මිහිකත හෝරාව” සැමරීමේ ආරම්භය සහ ඉතිහාසය, දේශගුණික විපර්යාස ඇතිවීමට බලපාන හේතු සහ ඒවා අවම කිරීමට තරුණ ප්‍රජාව ලෙස අපට කල හැකි කාර්යභාරය ගැන සාකච්ඡා කළහ. එහිදී අප එකිනෙකාගේ වැදගත් අදහස් හා දැනුම මැනවින් බෙදාගත් අතර ඉන්පසු අප සොයුරු සොයුරියන් කිහිපදෙනෙක්ම ගීත කිහිපයක්ද ගායනා කරමින් එම මොහොත තවත් ආදරණීය කිරීමටද අමතක නොකළහ.



 එවැනි අවස්ථාවක එවන් ස්ථානයක එවැනි ව්‍යාපෘතියකට සහභාගී වීම තම ජිවිතයේ පළමු අත්දැකීමද වූ බව සොයුරු සොයුරියන් කිහිපදෙනෙක්ම අප සමඟ පැවසුහ. ලබන වසරේද මිහිකත හෝරාව තවත් ඵලදායී ලෙස සැමරීමේ අදහසින් අවසානයේ අප සියලුදෙනා විසිර ගියේ අපට ජීවය දෙන මිහිමව රැකගැනීම අප කාගේත් පරම යුතුකමක් බව සිත්හි රඳවාගෙනයි.



AIM Strikerz...

අපේ ලියෝ වරුන්ට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් ව්‍යාපෘතියක් විදියට "AIM Strikerz  " පසුගිය මාර්තු මස 22 වන දින ලිබර්ටි ජ්‍යාත්‍යන්තර පෙර පාසලේ දී සාර්ථකව පෑවෑත්වුනා.මෙහිදී සංවිධාන ශක්තිය විදියට මොරටුව විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය,බද්දේගම ලියෝ සමාජය,හොරණ මිඩ් සිටි ලියෝ සමාජය,ඉන්ගිරිය යුනයිටඩ් ලියෝ සමාජය,කටුවාවල ,මතුගම හා පිලියන්දල ලියෝ සමාජයන්ගේ සහයෝගීත්වය අපට නොඅඩුව ලෑබුනා.



රට පුරා විසීරී පෑතිරි සිටි දක්ෂ ලියෝ කෑරම් ශූරයන්ට  තම දක්ශතා ඔප් නන්වා ගෑනීමට මෙය මහන්ගු අවස්ථාවක් වු බව නොඅනුමානයි.
මෙහිදී යුගල වශයෙන් පිලිමලුන් පිටු දෑකීමේ ක්‍රමයට තරග පෑවෑත්වුනා.




තරගාවලිය අවසානයෙදී ත්‍යාග හා සහතිකපත් බෙදා දීමක්ද පෑවෑත් වුනා.
සතුට,විනෝදය,සුහද බව සහ තරගකාරී බවින් පිරුනු මේ තරගාවලිය ලියෝ වරුන්ගේ බෑදීම් තව තවත් වර්ධනය කල බව නොඅනුමානයි.


Save it before you need it…

ලෝක ජල දිනය නිමිති කරගෙන මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කල ව්‍යාපෘතිය තමයි "  Save it before you need it.. ".මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරිමේදී කටුවාවල ලියෝ සමාජයේ සහයෝගිත්වයත් අපට හිමි වුනා.




එහිදි අපේ මුලිකම අවදානය යොමු උනේ මහමග ගමන් ගන්නා ජනතාව දෑනුවත් කිරීමයි.මේ සදහා අපි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මංඩලයේ සහයෝගිත්වයෙන් ලැබුනු දින කැලැන්ඩර පිලියන්දල ප්‍රදේශයේ මහ මග ගමන් ගත් සාමාන්‍ය ජනතාව අතරේ බෙදාදුන්නා.ඊට අමතරව තවත් අත් පත්‍රිකා රාශියක් අප විසින් ජනතාව අතරේ බෙදා දෙනු ලැබුවා.ඒ සෑම අත්පත්‍රිකවකින්ම අප බලාපොරොත්තු වුනේ ජල නාස්තිය අවම කිරීමට ජනතාව නැඹුරු කිරීමයි.




තවත් වසර ගනණාවකින් ඇතිවේ යැයි කියන ලෝක ජල අර්බුදයට විසඳුම් සෙවිම අප සෙවීම දැන් දැන්ම ආරම්භ කල යුතුයි.ඒ නිසාවෙන් අපි මෙම ව්‍යාපෘතිය සිදු කිරිමට තීරණය කරා. කවදත් මෙවැනි ක්‍රියාවන් හිදී පෙරමුණ ගන්නා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයට බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව හිමි උනා.
අපි බලපොරොත්තු වු ආකාරයටම අනාගතයේ ඇතිවේ යැයි කියන මෙම ලෝක ජල අර්බුදයට එරෙහිව අප මේ දැනුවත් කල ජනතාව සුලු පියවරක් හෝ තබන්නේ නම් අපේ සතුට එයයි.




නිදහස - මුහුණු පොතේ දිගහැරෙන නිදහසේ අඬහැරය

මව්බිමේ නිදහස් සංවත්සරය යෙදිල තියන පෙබරවාරි 04 වෙනිදා ගොඩක් දෙනෙක් මේ වෙද්දි භාවිතා කරන්නෙ නිදහස සමරනවට වඩා නිවාඩු දිනයක් විදියට. ඒත් අපි නිදහස් දිනයෙදි  නිදහසේ පණිවිඩය සමාජයට ලබාදීමේ අරමුණින් මෙවර "නිදහස" කියන ව්‍යාපෘතිය සංවිධානය කරා.
ව්‍යාපෘතියේ ආරම්භය...


අපි මුලින්ම සාකච්ඡා කරේ මේ පණිවිඩය වැඩි පිරිසකගෙ අතරට ගෙනියන්න පුලුවන් හොඳම විදිය මොකක්ද කියන එක. අපි හැමෝම දවසකට විනාඩි 5ක්වත් ෆේස් බුක් වෙනුවෙන් වෙන් කරන නිසා ඒ මගින් වැඩි පිරිසකට මේ පණිවිඩය ගෙනියන්න පුලුවන් කියන එකයි අපේ නිගමනය වුනේ.
ඒ නිසාමයි මේ ව්‍යාපෘතිය "මුහුණු පොතේ දිගහැරෙන නිදහසේ අඬහැරය" කියන තේමාව යටතේ ක්‍රියාත්මක කරන්න තීරණය කෙරුනේ.

සත් දිනක් පුරා දෛනිකව එලිදැක්වුනු කවි හා නිසඳැස් අතුරින් කිහිපයක්...

සතියක පුරාවට ලියෝ සමාජයේ ලියෝවරුන්ගේ නිර්මාණශීලී හැකියාවන්ට අවස්ථාව දෙමින් ව්‍යපෘතිය ක්‍රියාත්මක වුනා. කවි, නිසඳැස් ආදියෙන් සතියක් පුරාවට හැඩගැන්වුනු අපේ ෆේස් බුක් පිටුවට ලැබුනේ උණුසුම් ප්‍රතිචාරයක්. ශ්‍රී ලංකාවේ අභිමානය පිළිබඳව සකස් කෙරුනු වීඩියෝවක් නිදහස් දිනයෙදි එළිදැක්වීමෙන් ව්‍යාපෘතිය නිමාවට පත්වුනා.


මෙයට සමගාමීව නිදහස අර්ථ ගැන්වෙන පරිදි සකස් වුනු ස්ටිකරයක් ගාල්ල නගරයේ බස් රථ, ත්‍රී රෝද රථ සහ පොදු ස්ථාන වල ඇලවීමද සිදු කෙරුනා. මෙමගින්ද අපේක්ෂා කෙරුනේ වැඩි පිරිසකට නිදහස් දිනය පිළිබඳ හැඟීමක් ඇති කිරීමයි.



නිදහස් දා ගාල්ල නගරයේදී...
67 වන නිදහස අර්ථාන්විතව සැමරීමට මෙම ව්‍යාපෘතිය සඳහා සහය දුන් සියලු දෙනාටම වගේම අපිව දිරිමත් කල සියලු දෙනාටමත් අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.

මෙම ලිපිය අපේ ලියෝවරයෙක් නිදහස ගැන ලියූ කවි පංතියකින්ම අවසන් කිරීමට කැමතියි.

දස දෙසට විහිදුවන           මිණි පහනෙ රැස් දැකල
රස වැටුනු පර සුද්ද          ආව අයිතිය සොයල
හිස ඔසව නොසැලෙමින්  සිහලුන් අවදි කරල
බස අවිය හැතිකරය          පැන්නුවා හඬ නගල

අප විරුවො වෙර දරල      රැකගත්ත මේ පොළොව
සිප පහස ගෙන පෙරට      යමු තේජසින් යුතුව
අපමණවු අභියෝග           ඇත ඉදිරියේ මතුව
නොපමාව තම කොටස     රටට ඉටුකර තබව

ලෙයින් තෙත්වුණු බිමේ    පෑ විකුම් රැස් අගේ
සටන් බිම දඟ කළේ          ධීර සිංහයෝ වගේ
එයින් පින පෑදුනා              යන්න ජය මග දිගේ
ජයෙන් ජය ලබනු මැන     ලක් මෑණියන් මගේ
~~පබැඳුම- ලියෝ තරුෂ දුලාන්~~



Leo Walk...

වාර්ෂිකව සන්විධානය කරනු ලබන ලියෝ වෝක් එක,එනම් දිස්ත්‍රික් 306 A2 බහු මණ්ඩල ලියෝ වරුන්ගෙ පාගමන මෙවරත් පෙබරවාරි 22 දින අති සාර්ථක අන්දමින් පෑවත්වුනි.

Lion Activity Center  ” හී සිට කොලඹ 7 විහාරමහාදේවි එලිමහන් රන්ග පීඨය තෙක් පා ගමන පවත්වුනි.  ඈරඹුමේ පටන් ඉතාමත් ප්‍රීතිමත් අන්දමින් පවත්වු මෙම වෑඩසටහන දහවල් පසු වනතෙක්ම පෑවතුනි.  ආරම්භයේ දි තම තමන්ගෙ දිස්ත්‍රික් සදහා වෙන් වෙන් වශයෙන් සරසිලි කටයුතු හා ගෑලපෙන ඈදුම් වලින් සෑරසී සිටි සියලු දෙනා තම තමන්ගෙ දිස්ත්‍රික්කයට ඔල්වරසන් නගමින් පාගමන සිදු කරන්නට විය. එමෙන්ම බොහෝ දෙනෙක් පා ගමන වෙනුවෙන් නිර්මානය කර තිබු අලන්කාර T shirt පෑලද සිටියහ. 


BMICH පසු කරමින් බොරෑල්ල හරහා පා ගමන විහාරමහාදේවී උයන දෙසට ගමන් ගන්නා විට විශාල ශබ්ද නගමින් තම තමන්ගෙ දිස්තික්කය වඩාත් කෑපී පෙනෙන දිස්ත්‍රික්කය කරගනීමට උත්සහ කරහ. පසුව පා ගමන අවසානයේ විහාරමහාදේවි උයනේ එලිමහන් රන්ග පීඨයේ පා ගමනට පසු වෑඩකටයුතු සන්විධානය කර තිබුනි. එහිදී පා ගමන සන්විධානය කල සියලු දෙනට ස්තුති කිරීමෙන් පසු Leo හා Lion සමජිකයන්ගෙ සහභගීත්වයෙන් සම්මන ප්‍රදානය පෑවත්වුනි.


එහිදී අප මොරටු විශ්ව විද්යාලීය ලියෝ සමාජය වෑඩිම සහභාගීත්වයක් ඈති ලියෝ සමාජය සදහා වන සම්මානය දිනා ගන්නා ලදී. එමෙන්ම අප 306 A2 දිස්ත්‍රික්කය හොදම සෑරසිලි සදහා වන සම්මනය දිනා ගන්න ලදී. අවසානයේ ගීත ගායන කරමින්, ඡායායරූප ගනිමින් සතුටු වූ සියලු දෙනා නවතත් 2016 දී ඊලග ලියෝ පාගමනේදී හමුවීමේ බලපොරොත්තුවෙන් විසිර ගියහ.