ව්‍යාපෘතියේ ආරම්භය... |
අපි මුලින්ම සාකච්ඡා කරේ මේ පණිවිඩය වැඩි පිරිසකගෙ අතරට ගෙනියන්න පුලුවන් හොඳම විදිය මොකක්ද කියන එක. අපි හැමෝම දවසකට විනාඩි 5ක්වත් ෆේස් බුක් වෙනුවෙන් වෙන් කරන නිසා ඒ මගින් වැඩි පිරිසකට මේ පණිවිඩය ගෙනියන්න පුලුවන් කියන එකයි අපේ නිගමනය වුනේ.
ඒ නිසාමයි මේ ව්‍යාපෘතිය "මුහුණු පොතේ දිගහැරෙන නිදහසේ අඬහැරය" කියන තේමාව යටතේ ක්‍රියාත්මක කරන්න තීරණය කෙරුනේ.
සත් දිනක් පුරා දෛනිකව එලිදැක්වුනු කවි හා නිසඳැස් අතුරින් කිහිපයක්... |
සතියක පුරාවට ලියෝ සමාජයේ ලියෝවරුන්ගේ නිර්මාණශීලී හැකියාවන්ට අවස්ථාව දෙමින් ව්‍යපෘතිය ක්‍රියාත්මක වුනා. කවි, නිසඳැස් ආදියෙන් සතියක් පුරාවට හැඩගැන්වුනු අපේ ෆේස් බුක් පිටුවට ලැබුනේ උණුසුම් ප්‍රතිචාරයක්. ශ්‍රී ලංකාවේ අභිමානය පිළිබඳව සකස් කෙරුනු වීඩියෝවක් නිදහස් දිනයෙදි එළිදැක්වීමෙන් ව්‍යාපෘතිය නිමාවට පත්වුනා.
නිදහස් දා ගාල්ල නගරයේදී... |
මෙම ලිපිය අපේ ලියෝවරයෙක් නිදහස ගැන ලියූ කවි පංතියකින්ම අවසන් කිරීමට කැමතියි.
දස දෙසට විහිදුවන මිණි පහනෙ රැස් දැකල
රස වැටුනු පර සුද්ද ආව අයිතිය සොයල
හිස ඔසව නොසැලෙමින් සිහලුන් අවදි කරල
බස අවිය හැතිකරය පැන්නුවා හඬ නගල
අප විරුවො වෙර දරල රැකගත්ත මේ පොළොව
සිප පහස ගෙන පෙරට යමු තේජසින් යුතුව
අපමණවු අභියෝග ඇත ඉදිරියේ මතුව
නොපමාව තම කොටස රටට ඉටුකර තබව
ලෙයින් තෙත්වුණු බිමේ පෑ විකුම් රැස් අගේ
සටන් බිම දඟ කළේ ධීර සිංහයෝ වගේ
එයින් පින පෑදුනා යන්න ජය මග දිගේ
ජයෙන් ජය ලබනු මැන ලක් මෑණියන් මගේ
~~පබැඳුම- ලියෝ තරුෂ දුලාන්~~
No comments:
Post a Comment