දැල්වෙන මතක

ගොඩිගමුව ලියෝ සමාජය හා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය එක්ව සංවිධානය කළ “දැල්වෙන මතක” සුනාමි අනුස්මරණ ව්‍යාපෘතිය, 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවට බලපෑ රුදුරු සුනාමියෙන් දිවි අහිමි වූ ආදරණීය ජනතාව සිහිපත් කරමින් 2025 දෙසැම්බර් 26 වන දින සර්වාගමික සිද්ධස්ථාන හතරකදී පැවැත්විණි. ජාති, ආගම්, භාෂා භේදයන් ඉක්මවා යමින්, වියෝවූ ජීවිතවල නොමියෙන මතක ආධ්‍යාත්මික ආලෝකයෙන් සිහිපත් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ විය.

මෙම අනුස්මරණ වැඩසටහන සුවාරපොල ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානය, විල්ලෝරාවත්ත සාන්ත කාර්ලෝ බ්රෝමියෝ දේවස්ථානය, යාපනය අරලි දකුණ වඩ්ඩුකොඩෙයි මාතන්කෝවිලඩි කෝවීලය සහ සම්මන්තුරෙයි බාතර් හිජ්රා ජුම්මාහ් පල්ලිය යන සර්වාගමික ස්ථානවලදී පැවැත්වූ අතර, එය ශ්‍රී ලාංකේය එකමුතුව, සංවේදනාව සහ අනුස්මරණයේ ගැඹුරු අර්ථය ප්‍රකාශ කළ සුවිශේෂී අවස්ථාවක් විය.








No comments: