පාසල් පුස්තකාලය පිරිසිදු කිරීම, අලුත්වැඩියාව කිරීම සහ අලංකරණය කිරීමෙන් අනතුරුව නිර්මාණාත්මක පුස්තකාල පරිසරයක් ලියෝවරු එහි නිර්මාණය කළහ. එසේම පුස්තකාල කළමනාකරණ පද්ධතියක් ද ස්ථාපනය කර, එය දිගුකාලීනව පවත්වාගෙන යාමට පහසුකම් සලසමින් සිසුන්ට පහසු ලෙස පොත් කියවීම සඳහා බිම ඇතිරිලි හා කුෂන් ආදිය ද පරිත්‍යාග කළේය. මෙහිදී වාද්‍ය උපකරණ සිසුන්ට නිල වශයෙන් බාරදීමත් සිදු කරන ලදී.
"නැණ තාල" ව්‍යාපෘතිය තුළින් සිසුන් 146කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය හා සංගීතය කෙරෙහි ඇති ඇල්ම වැඩිදියුණු කිරීමට හා ඔවුන්ට නිදහස් අධ්‍යාපනයේ නව මාවත් විවර කරලීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ හා වික්‍රමසිංහපුර ලියෝ සමාජයේ අප සමත් විය.
No comments:
Post a Comment