සුව සරණ


 

“එදා සෙනෙහසින් දිගු කල දෑත් අද තනි නොකරන්නට” යන තේමාව යටතේ සංවිධානය කළ “සුව සරණ” ව්‍යාපෘතිය ද‌ෙහිවල උතුර සිංහ සමාජය‌ේ දායකත්වය‌ෙන් 2024.11.02 සෙනසුරාදා දින පානදුර සුජාතා වැඩිහිටි නිවාසයේදී සාර්ථකව නිමා විය.

වැඩිහිටි නිවාසය පිලිසකර කිරීම හා වැඩිහිටියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම ව්‍යාපෘතියෙහි සංවිධායක කමිටුවෙහි සභාපති ලෙස ගිත්සර සුභාගද, ලේකම් ලෙස ඉමිහිරි දසනායකද, භාණ්ඩාගාරික ලෙස දමිදු පියරංගද කටයුතු කළ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ලිය‌ෝ කෝශිලා ගම්වාරිගේ විසින් ඔවුන්ව ම‌ෙහෙයෙවන ලදි.

ඔවදනින් හා ස‌ෙනෙහසින් අපව සවිමත් කළ අපේම වැඩිහිටියන් වෙනුවෙන් “සුව සරණ”  උපහාරයක් වන්නට ඇතැයි අපි විශ්වාස කරමු.



No comments: