කැකුළු පොඩිත්තෝ

        මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කළ කැකුළු පොඩිත්තෝ ළමා දින අදින වැඩසටහන ඔක්තෝබර් මස පළමුදින දඹාන පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විය. මෙහිදී මහියංගණයේ ආදිවාසි දරුවන් සඳහා පොත් පත් ලිපි ද්‍රව්‍ය ලබාදීම සහ දරුවන් සමඟ විනෝදජනක කාලයක් ගත කිරීම අපගේ අරමුණ විය.


     මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන් තිස් පස් දෙනෙක් සහ දඹාන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ද සහභාගි විය. දීර්ඝ ගමනකින් පසු දඹානට ළඟාවූ ලියෝ වරුන් ඉතා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් මෙම වැඩසටහනට මුල පිරුවෝ . මෙසේ ආරම්භ වූ මෙම වැඩසටහනේදි දරුවන් සමග විවිධ විනෝද ක්‍රීඩා වල නිරත වීමට ඔවුන්ට තෑගිබෝග, පොත් පත්, කැවිලි වර්ග ලබාදීමට අපට හැකි විය.


    පුංචි පොඩිත්තන්ගේ සිනහා මැද ගෙවුණු මෙම දවස ලියෝවරුන්ට විශේෂ අත්දැකීමක් එක් කිරීමට හැකි විය. මෙම දවස අවසාන වූයේ ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික කිරි කොරහ නර්තනය අත්දැකීමෙන් සහ ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ හරබර කතාවකිනි

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අපිට විශේෂයෙන් මැලිබන් සහ  ඇට්ලස් ආයතනය අනුග්‍රහ දැක්විය.දඹානේ කැකුළු කැකුළියන්ට නොවෙනස්වන මතක ගොන්නක් රැගෙන යන්න අපට කැකුළු පොඩිත්තෝ ව්‍යාපෘතිය හරහා හැකි විය .









No comments: