සුරැකෙමු අපි සැවොම

 සුරැකෙමු අපි  සැවොම ව්‍යාපෘතිය සිදු කෙරුණේ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ මූලිකත්වයෙනි. මෙම ව්‍යාපෘතිය සිදු වූයේ පාරිසර හා ස්වාභාවික විපත් කළමනාකරණය යන අංශය යටතේ මෙය පැවැත්වුණේ අවිස්සාවේල්ල, පල්ලෙවත්ත, රක්කනාව ඇල්ල යන ස්ථානයේදීය.

මෙම ව්‍යාපෘතියේ දී මූලික වශයෙන් සිදු වූයේ නායයෑම් පිළිබඳව ප්‍රදේශයේ මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකි. බහුලව නාය යන  ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ වැසියන්ට මෙම වැඩසටහන මගින් මහඟු පිටුවහලක් වුණු බවට සැකයක් නැත.එසේම මෙහි විශේෂත්වය වන්නේ එම වැඩසටහන හා සම්බන්ධ වූ වැසියන්ට ප්‍රදේශයේ සිටින බලයලත් නිලධාරීන් සමග තම තමන්ට පවතින ගැටළු සාකච්ජා කිරීමට හැකියාව ලැබීමයි.ඊට අමතරව රක්කනාව ඇල්ල අසල පවතින අපිරිසිදු ස්ථාන සුද්ද පවිත්‍ර කිරීමද මෙහිදී සිදු විය .



No comments: