පොඩිත්තන්ට සිනහ ලොවක්

 කොරෝනා වසංගතය හේතුවෙන්, වසර දෙකකට ආසන්න කාළයක් සියලු පාසැල් සිසු සිසුවියන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබූ හෙයින්, ඔවුන් තුළ බාහිර කුසලතාවයන් වැඩිදියුණු වීමට ඉඩක් නොතිබුණි. 

ලෝක ළමා දිනය කේන්ද්‍ර කොටගෙන මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සමාජයේ අප විසින් පැලවත්ත, රනේපුරගොඩ ප්‍රාථමික විද්‍යාලය ඉලක්ක කරගෙන ඔක්තෝබර් 04 වන දින උදෑසන 8 සිට 12 දක්වා නායකත්ව පුහුණු කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. විවිධ ක්‍රියාකාරකම් මගින් ළමුන්ගේ භාෂා කුසලතා මෙන්ම නායකත්වය හා කණ්ඩායම් හැගීම ඉස්මතු කිරීමට හැකි විය. 

තවද, එවැනි දුශ්කර පළාතක අධ්‍යාපනය ලබන ඔවුන් වෙනුවෙන් විවිධ රස කැවිලි වර්ග බෙදා දී සතුටට පත් කිරීමටද අපට හැකිවිය.



No comments: