හරිත හෙටක්

ගං ඉවුරු ඛාදනය වීම මෑත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ බොහෝ ගංගා ආශ්‍රිතව දැක ගැනීමටහැකි සිදුවීමකි. මෙය ස්වාභාවික හේතු නිසා මෙන්ම විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා ද වර්තමානය වන විට දැවැන්ත වශයෙන් සිදු වෙයි. මෙය වළක්වා ගැනීම සඳහා ලියෝවරු වශයෙන් අපට ගත හැකි පියවරක් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරන ලදී. මහවැලි ගඟෙහි ඉවුරු ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වූ හරිත හෙටක් ව්‍යාපෘතියයටතේ මහවැලි B කලාපයේ, වැලිකන්ද, වඩමුණේ පාලම අසල සිට මහවැලි ගඟ දෙපස ඉවුරු ඛාදනය වූ ස්ථාන වල කුඹුක් පැල 500ක් සිටුවීමේ ව්‍යාපෘතිය වන හරිත හෙටක් ව්‍යාපෘතිය 18.03.2023 හා 19.03.2023 යන දෙදින පුරාවට එම ස්ථානයේදී පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා කුඹුක් පැල ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වන අතර ඒ වෙනුවෙන් අපගේ විශේෂ ස්තූතිය ඔවුන්ට හිමිවිය යූතුමය.


No comments: