අපේක්ෂාවේ අත්තටු

 


ආදරණීය පුංචි මල් කැකුළු රැසකගේ මුවඟට සිනහවක් එක් කරන්නට පොල්ගස්ඕවිට ලියෝ සමාජය, කැස්බෑව ලියෝ සමාජය, ඌරගස්මන්හන්දිය ලියෝ සමාජය සමඟ එක්ව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද *අපේක්ෂාවේ අත්තටු* නම් වූ ව්‍යාපෘතිය, 2022 පෙබරවාරි මස 08 වන දින පෙ.ව 11.00 සිට කරාපිටිය ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදි.

කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබන ළමයින් 21දෙනෙකු සඳහා ලක්ෂ දෙකක වටිනාකමින් යුත් අධ්‍යාපනික උපකරණ තෑගි හා වියළි ආහාර බෙදා දීම මෙහිදී සිදු විය.





ජනප්‍රිය රංගන ශිල්පිනී, සමාජ සේවිකා මිශෙල් දිල්හාරා මෙනවියද මෙම මහඟු අවස්ථාව සඳහා සම්බන්ධ විය. තව ද නන් අයුරින් මෙම මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාට ම අපගේ ස්තූතිය පුද කර සිටිමු.


මිලින වූ සිත් යළි ස්නේහයෙන් පණ පෙවීමට, ඔවුන්ට සවියක් වීමට ලැබීම අප ලද භාග්‍යයකි.

1 comment:

zakailablanc said...

westcott scissors titanium | TITIAN ARTISONS
Westcott scissors Titanium by ford edge titanium 2021 TITIAN urban titanium metallic ARTISONS. titanium linear compensator $15.00. 1st, 2nd, 3rd, 4th & 5th of titanium scrap price November 2021. babyliss titanium flat iron