යුතුකමේ අත්වැල

"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයී" යන්න ක්‍රියාවෙන් අරුත්  ගන්වමින් ,මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් දියත් කල එක්  සොඳුරු ව්යාපෘතියකි, "යුතුකමේ අත්වැල ".
" සහෝදරත්වයේ මනුදම" සංවිධානයත්, "අම්මා සහ ළමයි"  පදනමත් මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අප  සමඟ අත්වැල් බැඳ ගත්හ.
 කොරෝනා උවදුරත් සමඟ එදිනෙදා ජීවනෝපාය අහිමිව, ආර්ථික වශයෙන් මහත් අසරණව දිවි ගෙවූ පවුල් සඳහා ද්රව්යමය ආධාර ලබා දෙමින් ඔවුන්ට සරණක් වීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණ විය. අනුව

ගාල්ල, මාතර හා කුරුණෑගල යන දිස්ත්රික්ක  කේන්ද් කරගනිමින් අඩු ආදායම්ලාභී  පවුල් 40ක් සඳහා නොමිලේ අත්යාවශ් බඩුමලු ලබා දීම පසුගිය  මැයි මස 21 වන දින, සියලුම සෞඛ්යය ආරක්ෂිත ක්රම අනුගමනය කරමින් ඉතා සාර්ථකව සිදු කෙරිණි.
මිනිස් ජීවිත කොරෝනා රකුසාට  ගොදුරු වන මොහොතකදී, මනුසත්කම කොරෝනා රකුසාට යට වන්නට නොදී දිළිඳු පවුල් හට සරණක් වූ එක් හෘදයාංගම කැපවීමකි "යුතුකමේ අත්වැල".


No comments: