
අසීමාන්තිකය.කෙසේ වුවත් බහුතරයට අනුව අසීරුම යැයි විශ්වාසය ගණිතය ය.ඒ
උපන්දා සිට ඇසුනු දැනුනු දේ මත විය හැකිය.කාලීනව අවශ්‍යය වන්නේ ගැටලුව ඇත්තේ
විෂය තුළ නොව තේරුම් ගැනීම මත බව ඒත්තු ගැන්වීමය.සංකල්ප මත පමණක් යා
හැකි දුර සීමිතය.අවශ්‍යය තේරුම් ගැන්වීමය.ඒ තුලින් යායුතු මඟ එලිපෙහෙලි කිරීමය.
මෙකී කර්තව්‍යය උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් පෙබරවාරි 09 වනදා
කෑ/වහකුල කනිෂ්ඨ විද්‍යාලයට නැණදියවර හය වන අදියර ගෙන ගියහ.
සිසු සිසුවියන් රැසක් උදෙසා ගණිත සම්මන්ත්‍රණ පවත්වා අසීරු යැයි මෙතෙක් අතහැර
තිබූ ඇතැම් විෂය කොටස් ඉතා සරලව,සිත්ගන්නාසුලු අන්දමින් ඔවුන්ගේ සිත් තුළට
කාවද්දවන්නට ලියෝවරුන් ගත් උත්සහය සුලුපටු නොවේ.

තුළට එබෙන්නට තරම් සමීප බවක් ළගාකර ගැනීම සැබවින්ම සතුටකි.සංකීර්ණ සූත්‍ර
සමීකරණ විසඳීම් අතර අප ඔවුන්ව වෙහෙසද්දී ඔවුනගේ තේරවිලි හා නොයෙකුත් සරල
ක්‍රීඩා අතර ඇතැම් අවස්ථාවලදී සැබවින්ම අතරමං වූයේ අප ය.
කෙසේ හෝ අවසානයක්ම නොවූවත් දවස අවසානයේ නීරස කරගත් විෂයකට යළි
පණපොවන්නට හැකි වූ බවක් දිටීමු.සතුට නම් එකී උත්සහයේ සාර්ථකත්වය ඒ ළපටි
දෑස් තුළ මෙන්ම අහිංසක දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ වචන තුළ ද තැවරී තිබෙනු
අසන්නට මෙන්ම දකින්නට ද ලැබීමය.
ඒ අනුව ලියෝවරුන් රැසකගේ කැපවීම හා උත්සහය මත නැණදියවර හයවන අදියර
මෙසේ සාර්ථකව නිම කරන ලදී.
No comments:
Post a Comment