ආරාම රෝපා 

ආරාම ප‍්‍රතිසංස්කරණ හා ශ‍්‍රමදාන වැඩසටහන

අප මුතුන් මිත්තන් අතීතයේ පටන් විහාර නඩත්තු කිරීමත්, විහාර ඉදි කිරීමත්, නොපිරිහෙලා ඉටු කළහ. නැති වී යන මෙවන් වටිනා සිරිත් රැක ගැනීම සමාජ වගකීමක් කොට ගනිමින්, මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ  සමාජය විසින් අගෝස්තු 23 වනදා මාරන ශ්‍රී විශුද්ධාරාමයේදී හා 24 වනදා තපෝවනය අභයභූමියේදී උතුම් ප‍්‍රයත්නයක් සිදුකළහ. 


එහි දී අප ලියෝ වරුන් විසින් විහාර භූමියේ ඉදි වෙමින් පවතින නව ගොඩනැගිල්ලේ කටයුතු  සාර්ථකව සිදු කිරීමට ශ‍්‍රම දායකත්වය ලබා දුන් අතර ඊට අමතරව, විහාර භූමිය පිරිසිදු කිරීමටද අමතක නොකළහ. වෙහෙස නොතකා අප ලියෝවරුන් ලබාදුන් සහයෝගය ඉතාම වටිනා එකක් විය. බුදු දහම පිරිහී යන මෙවන් යුගයක, බුදු දහම රැුක ගන්නා මෙවන් සිද්ධස්ථාන රැක ගැනීම හා සංරක්ෂණය කිරීම අගය කළ යුතු කටයුත්තකි. එම උත්සාහයේ සාර්ථකත්වය මෙහි ඇති ඡයාරූප මගින් පිළිබිඹු වේ.




No comments: