දයාන්විත අසපුවක සිත් නෙත් අඩහැරය

නපුරු වූ ලෝකයක, අනාගතය වෙත නොසැලී පිය නගන්නට දිරිය දුන්, පාර හෙළි කර දුන්, මුළු ජීවිතයම එළිය කල තාත්තාත්, හැඞූ විට රතු ලෙය රස ගුණ පිරි කිරට හරවා පෙවූ, කරුණා දයා ගුණයෙන් අපව පෝෂණය කල මවත් අමතක කරන්නට තරම් මිනිසුන් කුරිරු වී ඇත.


එවන් මව්වරුන්ගේත් පියවරුන්ගේත් දරු සෙනෙහස අහිමිව තැවෙන සිත් නිවාලීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපි, ජූලි මස 23 වනදා වෙහෙසක් ගත්තෙමු.  මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ 15 වන සංවත්සරය නිමිත්තෙන්, එදින අපි කෑගල්ල නෙලූම්දෙණිය වැඩිහිටි නිවාසයටත්, ගාල්ල විජේරත්න වැඩිහිටි නිවාසයටත්, මාතර කටුවන වැඩිහිටි නිවාසයටත් එකතු වුනෙමු.


තමන්ගේම නිවසක සිරිය ගෙනෙන්නට, වටපිටාව එළි කර පැළ රෝපණයක්ද එදින සිදු විය. තවද, මව්වරුන්ටත් පියවරුන්ටත් දරුවන්ගේ සෙහෙහස පාමින්, දරු සෙනෙහස අහිමි බව මොහොතකට අමතක කරවමින්, ඔවුන්ව නහවා, පිරිසිදු කරවා ඔවුන්ගේ සැඳෑ සමයේ තවත් එක් දිනයක් අමා දම් සිසිලෙන් නහවන්නට ද කටයුතු කළෙමු. මෙසේ ගෙවුනු සොඳුරු හෝරා කිහ්පයේ අග, ඔවුන් සමගින් සින්දු කියමින් විනෝද වීමට ද අප ලියෝවරුන් අමතක කලේ නැහැ.

මෙලෙස, දිනකට හෝ ඔවුන්ගේ වේදනාවන් අමතක කරවමින්, සිතට සතුටක් එක් කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපිට හැකි විය.




No comments: