අපිටත් නත්තල්

එම පැතුම පෙරදැරි කරගෙන, දෙව් සෙනෙහස ලොව පැතිරෙන අසිරිමත් නත්තල් උදාවට හෝරා කිහිපයක්පමණක් තිබියදී, උඳුවප් මස 24 දින සවස් යාමයේදී, අපි ගාල්ල, බටගන්විල "සුවසෙත" ළමා මධස්ථානයට පියමන් කළෙමු. සිඟිති මුව සිනහවෙන් සරසන්නට නත්තල් තෑගි පිරිවරාගෙන එහි ගොඩවූ අපි, ඔවුන් සමගින් හෝරා කිහිපයක්ම විනෝදාස්වාදයෙන් යුතුව ගත කළෙමු.
නත්තලේ සැබෑ අරුත ඔවුනට හරිහැටි අවබෝධ වූවාදැයි නොදැනුනමුදු, ඔවුන්ගේ සිඟිති ලෝකය සතුටින් පුරවන්නට අප වරක් හෝ හේතු වූවා යන සිතුවිල්ල සමගින්, අකමැත්තෙන් වුවද ඔවුනට සමු දෙමින් අපි නික්ම ආවෙමු.
No comments:
Post a Comment