දුක දුටු දා

මද්දහනේ අව් රශ්මිය අනුකම්පාවක් නැතිවම හිසට පතිත වෙද්දී
මහ පාරෙ දුහුවිලි වලින් මුලු ගතම නැහැවෙද්දි
එක වේලකින් හෝ තමන්ගේ කුස පුරව ගන්න නිරන්තර ජීවන අරගලයක නිරතවන
හෙටක් ගැන නොසිතා අද පමනක් ජීවත්වන පිරිසක්
හිරු ලස්සනට හිනාවුනු එක් මද්දහනක
ලියෝ සමාජයේ අපි
කුසට අහරක් නැතිව හිසට සෙවණක් නැතිව දුක් විඳින අපේම ජනතාව සොයාගෙන ගියා

ඒ පිළිසරණක් නැතිව ඉන්න ඔවුන්ගේ දුක මොහොතකට බෙදා ගන්න
පුන් සඳ නැති අමාවකට පුන්චි තරු වලින් බෙදන සහන් එලිය වගේ
අපිත් ඔවුන්ගේ දුකට  පුන්චි පිලිසරණක් වෙන්න බලාපොරොත්තු වුනා
අපි පිළියල කරගත් දිවා ආහාරය ඔවුන්ගේ අතට පත් වෙනකොට
ඒ හිත් වල ඇතිවුනු සතුට ඔවුන්ගේ මුහුනේ පිපුනු හිනා මල් වලින් අපිට තේරුනා
ඔවුන්ගේ හිත් වල තිබුණ දුක මොහොතකට අමතක කරලා
අපිත් එක්ක ඔවුන් සතුටුවුනා……




No comments: