A December to remember
සීත දෙසැම්බරයේ ත්‍යාග බලාපොරොත්තුවෙන් පුංචි ළමුන් බලා හිඳින්නා සේම, දිවියේ සැඳෑ සමය විඳින මවුපියවරුන් ද තත්තලේ ත්‍යාග ලැබෙන තෙක් බලා සිටින බව නිසැකයි. එනිසා, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපි, මෙවරද ඔවුන් සමඟ නත්තල් සැමරීමට තීරණය කළෙමු. ඒ අනුව, අප දෙසැම්බර් මස 28 වන දින උදෑසන, එවන් මවුපියවරුන් සමඟ හෝරාවන් කිහිපයක් ගත කිරීමේ අරමුණින් ගාල්ල, Vanrith වැඩිහිටි නිවාසයට ගොඩ වුනෙමු.එම මවුපියවරු සතුට පිරි මුහුණින් යුතුව අප ලියෝ සාමජිකයන්ව පිළිගත් අතර පියතුමාගේ යාඥාවෙන් අනතුරුව, ලියෝ සහෘද කැළ එම මවුපියවරුන් සමඟ බොහෝ සුහදව කතාබහ කිරීමට ද අමතක නොකළහ.එම මවුපියවරුන් කලක සිට ඔවුන්ගේ සිත් තුළ තෙරපුණු හැඟුම් අප ලියෝ සහෝදර සහෝදරයින් අභිමුව මුදා හරිනවිට ලියෝවරු තම දෙනෙත්හි ගලා ආ කඳුලු ඔවුන්ගෙන් සඟව ගත්තේ බොහෝ ආයාසයෙනි. නමුත් අප එම මවුපියවරුනට තම හැඟීම් සිතු සේ මුදාහැර ලීමට ඉඩ දුන්නේ, තෑගි අභිබවා මවුපියවරුන් හට වටින්නේ එම මොහොත බව වටහාගත් නිසාවෙණි. ඉන් අනතුරුව ගීත ගායනා කරමින්, ගතවුණු හෝරාවේදී මවුපියවරුද අප ලියෝවරුන් හා කරට කර,ඉතා සතුටින් ගීත ගායනා කළහ.
ඉන්පසු අප විසින් ඔවුන්ට කුඩා භෝජන සංග්‍රහයක් ලබා දුන් අතර ඔවුහු එය මහත් වූ ප්‍රීතියෙන් භුක්ති වින්දහ. අවසන සමුගැනීමේ මොහොත එළැඹි කළ අප ලියෝ සහෘදයන් ඔවුන් හට දීර්ඝායුශ පතා සියලුම මවුපියවරුන්ගේ ආශිර්වාදද ලබාගෙන ඔවුන්ගෙන් සමුගත්තේ එම වසරේ විශාලතම නත්තල් ත්‍යාගයද ලබා ගනිමිනි.සැබැවින්ම එම මවුපියවරුන්ගේ දෙනෙත්හි පිරුණු තුටු කඳුලු තරම් වූ වෙනත් නත්තල් ත්‍යාගයක් තිබිය හැකිද?