120ට 220ක් ආවඩා ආයුබෝ කියල මේ අලුත් අවුරුද්දෙ සිංහලෙන්ම වැඩේ පටන් ගන්න හිතුව. මම හිතන්නෙ මේක තමා අපේ මේ ලියෝ බ්ලොග් එකේ සින්හලෙන් ලියවෙන මුල්ම ලියවිල්ල. කාටද ඉතින් ආඩම්බර. :)
අහා. ඒකෙන් මේකෙන් මට සුබ පතන්නත් අමතක උනානෙ. කොහෙද ඉතින් මගෙ ඔලුවෙ ලියන්න තියෙන දේවල් ජංජාලෙ වගෙ. ඕන්න එහෙනම් මේ ලැබුවා වූ සිංහල අවුරුද්දෙ සියලු පැතුම් ඉටුවෙලා කිරියෙන් පැනියෙන් ඉතිරිලා යන්නේ කියල හැමෝටම ප්‍රාර්තනා කෙරුවාවෙ.
මෙදා පොටේ මොරටු ලියෝ ගමේ නම් ජයටම අවුරුදු තිබුනයි කියල ආරංචියක් ආව ඕං. මොරටු විද්යාලෙත් එක්ක ලියෝ සමාජ 5ක් විතර හරි හරියට මහන්සි වෙලා තියෙනව මේකට. සීවරං දෙයියනේ එහෙමත් විස්මකරුම වැඩක්! සූ ගාල බර සෙනගකුත් හිටල. අපිටත් ඉතින් අවුරුදු කිව්වොත් ඊට එහා දෙයක් නෑනෙ. මමත් උදේ පාන්දරම නැගිටල කුකුලත් අතේ අරන් තමයි එහෙ ගියේ. (උදේම කිව්වට ටිකක් විතර පරක්කු උනා. ජංමෙන් එන පුරුදු කොහොම අතාරින්නද ආයිබෝං.) මෙන්න බොලේ වෙනද කලිසං කොටේ ගහගෙන එන අපේ ලියෝ නාම්බො නැම්බියො ටික හෙල සිංහල තාලෙට සරොං බැනියං, සාරියට බැහැල. බලන්න ලස්සනයි. මහ හූරට නම් තියෙන සංතෝසෙටද කොහෙද අවුරුදු අදින්නත් අමතක වෙලා වගෙ. නිදාගත්ත පිජාමා කොටෙත් එක්ක ඇවිල්ල.
ලිප ගිනි මෙලවීම
අපේ ලියෝවරු කවදත් පුරාන චාරිත්තර වලට මුල්තැන දීලනෙ වැඩ පටන් ගන්නෙ. ඕන්න ඉතින් ඔක්කෝටම කලින් කට්ටිය ගම ගෙදරට එකතු වුනා අලුත් අවුරුද්දෙ කිරි උතුරවන්න. ලියෝ ගමේ ඉන්න සීනියොර්ම ගෙවිලියො දෙන්නෙක් වෙන ටී-ඉලිනියි ඩී-ඉනේෂායි තමඉ වැඩේට මුල් තැන ගත්තෙ. හැබැයි දෙන්නටම ලිපට පිඹගන්න ටිකක් අමාරු වුනයි කියල තමයි ආරංචිය. ඒකට මොකෑ, මොරටු ගමේ ගැටව් කෝකටත් ඔට්ටු දක්සයොනෙ. අයි-ෂාර මල්ලියි ඩී-අමිත මල්ලියි ටක් ගාල පැනල තරගෙට වගෙ පිඹල පත්තු කරල දුන්නෙතෑ ලිප!!
ලියෝ ගමට ආ කොටියා
කිව්වහම මොකද හැබෑටම මෙදා අවුරුද්දට අලුත බැදපු කොටි ජෝඩුවකුත් කාලෙකට පස්සෙ ගමට ආවනෙ. බයවෙන්න කාරි නෑ. ආදරේට එහෙම කිව්වට ඒ උත්තමය අපේ ගමේ හිටපු පාස්ට් පොසිඩොං කෙනෙක් නෙවැ ආයිබෝං. බැද ගත්තට පස්සෙ කොටි හාමිනේ කොහොම වෙතත් කොටි රාළ නම් හොදටම මහත්වෙලා කියලා තමයි හැමෝම කතා උනේ ඕං.
අවුරුදු මේසේ රස ඉතිරේ...
ඇස්වහක් කටවහක් නෑ මෙදා අවුරුදු මේසෙනම් බොහොම ජයට තිබුනා නොවැ. කැවුම් කෙසෙල් කිරිබත් අතිරස... සිරියාවෙ බෑ. ඕං ඉතින් සුබ නැකතින් මහහූර පොල්තෙල් පාන පත්තු කරල මේසෙ ඇරියයි කියමුකො. ඒපාර තමයි බඩේ ඉන්න ඔක්කොම පනුවො එකපාරට බොක්සින් ගහන්න පටන් ගත්තෙ. මයෙ මොටො. මමත් ඔය කිරිබත් කෑලි 4 - 5කටම වගකියන්න ඇති මයෙ හිතේ.

ඒකෙන් මේකෙන් මම මත්තුරුකාවෙන් පිට පැන්න නොවැ. අවුරුදු මේසෙ ඇරියට පස්සෙ මහහූරා කිරිබත් කෙල්ලක් අරන් හෙමෝටම කැව්ව. එව්ව පුරාන චාරිත්තර නොවැ. ඩී-අමිත මල්ලිත් නික්කන් හිටියෙ නෑ. ලොකූ කිරිබත් කෑල්ලක් අරන් මහහූරට කැව්වෙ නැතෑ. මොනව උනත් කොල්ල දක්සය.
එන්-මල්ගෙ කල එලි මංගල්ලෙ
අපෙ ගමේ ගිය අවුරුද්දෙ පාස් පොසිඩොං ලියෝ එන්-මල්ගෙ කල එලි මංගල්ලෙත් මේ ජරමර අස්සෙම මහ ඉහලින් තිබුනා නොවැ. හරියටම නැකතට තමා අලුත් ජෝඩුව ගමේ කල එලි බැස්සෙ. කොහොමත් එන්-මල් කලින්ම කුකුලත් අරන් ගමට ඇවිල්ල කල එලි මංගල්ලෙට පස්මහ බැලුම් බලල ගියා කියල තමයි ආරංචි. කිව්වම මොටෝ සීදේවි කෙල්ල. ගමේ ගැටව් ඔක්කොම එකතු වෙලා මල් මාල දාල තමයි පිලිගත්තෙ. සිරියාවයි සිරියාවයි... මුලු ගමටම සිරියාවයි....
ටී-ඉලිනිගෙ ගමේ කඩේ
කලුබෝවිල ගමේ ටී-ඉලිනි මෙදා පොටේ අවුරුද්ද අල්ලා මොරටුගමේ පටන් ගත්ත ගමේ කඩේ බොහොම සරුවට ගියයි කියල තමයි ආරංචි ඕං. එක කෙහෙල් කැනකින් තමඉ බුසිනොස් එක පටන් අරන් තියෙන්නෙ. ටී-ඉලිනි මුදලාලි හාමිනේගෙ පොටෝ කෑල්ලක් එදා අරං ඇති මයෙ හිතේ. ඒක හම්බ වෙච්චි ගමන්ම ඔහෙලට පෙන්නංකො.
කොටියාගේ කෙසෙල් හොරකමඕං බලමු අවුරුද්දට ගමේ ආපු කොටියෙක් ගමේ කඩේ තිබ්බ කෙසෙල් කැනෙන් කෙසෙල් කන්න ගොහිං අහුවෙලා නොවැ. මේ කෙසෙල් හොරකමට කොටි හාමිනේ වගේම අලුත කල එලි බැස්ස ජෝඩුවකුත් සම්බන්දයි කියල තමයි කතාව ඕං. ඒකෙ පොටො කෑල්ලත් තාම මගෙ අතට ආවෙ නැහැ නෙව. සමුලුවෙදි තමා බලාගන්න වෙන්නෙ මයෙ හිතේ.
අලි බබා සහ බැලුම් හතලිහ
පොල්ගස් ඕවිට ගමේ ඉදන් ආපු ලියෝ එස්-දීප අලි බබා තරගෙට ගෙනාපු බැලුම් දැකලා මහහූරට හරි කරදරයි කියල ආරංචි ඕං. ඒපාර බැලුමක් දීල යන්තං නලවගෙන. කිව්වම මොකද ඔය ඉන්නෙ යස අගේට බැලුම් පුම්බ පුම්බ. මොනව උනත් පොඩි එකාගෙ ආසාවනෙ.
අපූරු උපන්දින තෑග්ග
තව ඩිංගෙන් අමතකවෙනව ඕං. පිලි-ඇන්-දොල ගමෙ ලියෝ ඩී-ඉලාන්ගෙ උපං දිනෙත් එදානෙ. ඒ පාර ගමේම ඉන්න ගැටයො ටික එක්කහු වෙලා ගැහුවෙ නැතෑ අර කිරි සප්පය දඩු කදේ. බෝගොඩ මලය ගිහින් බේරගන්නද ඇහුවාම මේක කියපි එහෙම ඉන්න කැමති කියල. එහෙම උනාම එයා පේමොස් වෙනවලු. අනෙ ඉතිං මයෙ මොටො.
ඩී-මිදුගේ දේව කන්නලව්ව
ම්දා පොටේ ලියෝ ගමේ අවුරුදු කුමාරය වෙන්න පුදුම තරගයක් නොවැ තිබුනෙ. පලවැනිය වෙන්න කියල වේරහැර ගමේ ලියෝ ඩී-මිදු කාටත් හොරෙන් අවුරුදු පහං පැල ලගට ගිහින් උදේ පාන්දරම බාරයක් වෙලත් තියෙනව කියලයි ගමේ ගැටිස්සියො කතාවුනේ ඕං. ඒක තාම කවුරුවත් දන්නෙ නෑ කියලද දන්නෑ මිනිහ හිතාගෙන ඉන්නෙ. හික් හික්

අපේ ලියෝ මාමාගෙ නං මේ සැරේ එච්චරෝම සද්දයක් තිබුනෙ නේ මයෙ හිතේ. දැං ඉතින් වයසයිනෙ ආයිබෝං.
අනෙ අප්පේ මේව ලිව්ව වගෙ නෙවෙ මට පස්සෙ ජීව්ත තර්ජන එන්නත් බැරි නැහැ. ලියනවනං ගමෙ වෙච්ච දෙවල් තව ඕනෙ තරම්. කොහොමත් හොද හොද එව්ව එලිවෙන ජාමෙට කියනව නොවැ. හික් හික්. කෝකටත් සමුලුව වෙනකං පරිස්සං වෙලා ඉන්න එක ඇගට ගුනයි වගෙ ඕං. මේකට ලුනු ඇඹුල් ටිකක් දාන්න ගිහින් මං හරවෙනි සිල් පදෙත් කඩා ගත්තද මන්ද. ඒකත් කමක් නැහැ අවුරුද්දටම එකපාරයිනෙ. ඕං එහෙනං මං නැවතුනාවෙ.