Glanz 2016



ගොම්මන් කළුවර පොලොවට පහත් වෙන කොට අහසේ තාරකා වඩාත් හොදින්

බබලන්න පටන් ගන්නවලු.

එය තාරකා රාත්‍රියක්, තරු දිදුළන රාත්‍රියක්. 2016 මැයි මස 7 වනදා ගොම්මන්

වෙලාවෙ කරලියේ දිදුලපු තරු නම් ආකාසේ බැබලුවා. ඒ තාරකා එලියෙන්

ආලෝකමත් වුනේ මොරටුව විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ වේදිකාව. වේදිකාව උඩ

නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් වගේම රංගනයෙනුත් වර්ණවත් කරන්න මොරටුව

විශ්ව විද්‍යාලයේ ලියෝවරුන් ලියෝවරියන් වගේම ආරාධිත ලියෝ සමාජ වල සමාජික

සාමාජිකාවනුත් දායක වුනා.

Glanz 2016 අලුත් වැඩකට අත ගහපු UoM Leosලගේ කල එලි මංගල්ලයේදි මේ සිංහ

පැටවුන්ගේ දක්ශතා එලි දැක්වූයේ බහුමණ්ඩලයේ සභාපති Leo දුමිදු ජයකොඩි සහ

දිස්ත්‍රික් සභාපති Leo ප්‍රමෝද් විමලතුංග ඉදිරියෙයි. ඒ වගේම තරු පිරි අහස හැඩ

කරන්න විශේෂ ආරාධනයෙන් රංගන ශිල්පී නිලුක්ශි මදුශිකාත් සහභාගි වුණා. තවද

UoM Leosහි පලමු සභාපති නදුන් ගුණවර්ධන අයියත් Lion මීනා වෙල්ලාල අක්කත්

Lion විදුල හසරංග අයියා ඇතුලු සිංහ සංගම් වල සාමාජික මහත්ම මහත්මීන්

විශේෂ ආරාධනාවෙන් Glanz 2016 සමග එකතු වුණා.





UoM Leosලගේ හපන්කම් බලන්න Leo club එකේ පරණ සාමාජිකයන් වගේම සහෝදර


clubs වල අපේ ලියෝලත් ඇවිත් හිටියා. ඒ වර්ණවත් රාත්‍රිය නිමාවට පත් උනේ

පැමිණි සිටි කාගේත් සිත් අමන්දානන්දයට පත් කරමින්. සතුටින් විසිර ගිය පිරිසෙහි

සිත් වල ලබන අවුරුද්දේ වඩාත් ඔපවත් වූ Glanz උලෙලක් දැක ගැනීමේ

බලාපොරොත්තුව නොඅනුමානව නලියන්නට ඇති.

 

 



ස්වප්න

දරුවන් පුංචි මල් වගේ... පුංචි මල් වගෙ දරුවො හරිම දඟකාරයි. ඒත් මේ දරුවො ටික ඒ වගෙ වැඩිය දඟ 

කලේ නෑ. හෙමින් හෙමින් පේළියට එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා ඇවිත් පිළිවෙළට වාඩි වුණා. පසුගිය


මැයි 12 වනදා, රත්මලාන අන්ධ විද්‍යාලයේ පුංචි මල් කැකුලු බලන්නට මොරටුව විශ්ව විද්‍යාලයේ ලියෝ


වරුන් ගියේ තෑගි බෝගත්, සතුටත් කඳ මලු බැඳගෙනයි. දෑස නොපෙනුනත් ඒ පුංන්චි මල් කැකුලු හරිම 


හුරතල්. ඔවුන් එදා ලියෝ අක්කලා අයියලා එක්ක හරිම අපූරු සැන්දෑවක් ගත කළා. අපි එක්ක සින්දු 


කියලා, හිත පිරෙනකන් නටන්නත් ඔවුන් එකතු වුණා.