Leo Cricket Match

Cricket is not just a game, it brings people together. On 25th of November it brought our big Leo family together. It was a big day for us, as it was the day of the annual cricket match of the Leo Club of University of Moratuwa. UOM Leo club is a place where people from different places, with different talents, having different destinations get together as a one family.
On that day such a big family gathered to the UOM ground. All were waiting for one trophy. Different teams from one Leo family played to afforce their friendship. Nobody sensed how the time passed as everyone was enjoying the event.

The reached its end everyone departed, but they all had cluster of blissful moments to remember and strengthened fraternity within them.  




සවියක් අවැසි කල

මා ඔබගෙන් මෙසේ ඇසුවොත්” ඔබගේ සිත සතුටින් තබා ගැනීමට කැමතිද ? “සෑම දෙනාගේ පිලිතුර වන්නේ ඔව් යන්නයි. එහෙත් ජිවිතයේ සියලු සතුට අහිමි වූ පිරිසකගේ මුවගට සිනහවක් එක් කල හැකි  නම් එය කෙතරම් උතුම් ක්‍රියාවක්ද.මහරගම පිලිකා රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේද එසේ සියලු සතුට අහිමි වූ පිරිසකි.තම ජිවන ගමනේ සියලු සිහින මලිගා අත්හැර, ජීවිතයම අඳුරු කල පිලිකාවක් හා පොර බදන්නට සිදුවූ ඔවුන් වෙනුවෙන් තම කාලය වෙන් කිරිමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය අමතකකලේ නැහැ.පසුගිය නොවැම්බර් 8 වැනිදා උදෑසනම ඔවුන් මහරගම පිලිකා රෝහල වෙත එක් වුයේ රෝගීන් සඳහා විශේෂයෙන්ම පිලියල කල ඔසු පැන් පානය ඔවුන් වෙත පිලිගැන්විමටයි.ආසන්න වශයෙන් දහසක් පමණ වූ රෝගීන් වෙත ඔසු පැන් යුහුසුලුව ලබාදීමට සියලුම ලියෝ වරුන් එක් වුයේ හද පිරි සතුටිනි.උනුසුම් කැද පානයෙන් ගත සිත ප්‍රබොදමත් වූ ඔවුන් සමඟ සොඳුරු පිලිසරනක යෙදිමටද ලියෝ වරුන් අමතක කලේ  නෑ. මන්ද සිතේ සතුට සියලු රෝග සුව කරනා දිව ඔසුවක් බව අපට නොරහසක් වූ බැවිනි.කටුවවල ලියෝ සමාජයේ හා ඉන්ගිරිය එක්සත් ලියෝ සමාජයේ අත්වැල ඇතිව සිදුවූ මෙම සත් ක්‍රියාව අවසනයේ සියලු දෙනගේ පතුම වූයේ මතු කිසිම ආත්මයක මෙවැනි දුක් ඇති ජිවිතයක් නම් නොම වේවා යන්නයි.




ස්වප්න

උපන් දා සිට නෙතු පියන් විවර කර ලෝකය දෙස බලන අපට විටෙක අප දෙනෙතේ අගය නොවැටෙහෙන තරම්ය. නමුදු සිත් ඇඳි සිතුවම් තුල ජීවත් වෙමින් යථාර්තය පිළිබදව පරිකල්පන ගොඩනගන මනුෂ්‍ය කොට්ඨාසයක් ද අප අතර වෙසෙන බව අමතක නොකල යුතු කරුණකි.

ඒසේ ලෝකය දක්නට අවසර නොලත් අපේම පිරිසක් සොයාගෙන ලියෝ අපි කඹුරැපිටිය “ශක්ති” නිවාසයට ගියේ ඔවුන්ගේ දුක සැප බැලීමටය. ඡාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිති කරෙගන මෙම ව්‍යාපෘතිය අප දියත් කලේ නොවැම්බර් මස දස වන දිනය.

කාන්තාවන් අට දෙනකු ඇතුලුව 15 දෙනක් ඒහි වාසය කලා. ඔවුන් අප ගෙන ගිය ආහාරපාන ආහාරයට ගැනීමෙන් හා තේ පැන් සංග්‍රහය බුක්ති විඳීමෙන් අනතුරුව අප සමග ගීත ගායනයට එක් වුණා. සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන් ඔවුන් කියාපෑවේ කිසිදු බලපෑමකින් කිසිවෙකුගේ ශක්‍යතාවයන් බිඳලිය නොහැකි බවය. දෑස නොපෙනුනත් සිතේ සවිය අපමණ බව ඔවුහු මොනවට පෙන්වූහ.