serving together - වෛද්‍ය සායනය 2015

ජීවිතය වූ කලී මහා විජ්ජාවකි. එය මොහොතින් මොහොත වෙනස් වන්නේ අපට සිතා ගත නොහැකි මායාවක් ලෙසිනි. අද දින මහා සැප සම්පත් වලින් වැජඹෙන මිනිස්සු හෙට දින අන්ත දුගී දුප්පත් තත්වයට පත් විය හැක. එලෙසින්ම අද මහමග සිඟමන් යෙදෙන මිනිසුන් හෙට දින මහා දානපතියන් බවටද පරිවර්තනය විය හැක. එසේම මිනිස් වරිගයාගේ සෞඛ්‍ය සම්පත්තියද දිනෙන් දින වෙනස්කම් වලට බඳුන් විය හැක. ඒ නිසාවෙන්ම කවදත් මිනිස්කම හඳුනන මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය කටුබැද්ද ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් සoවිධානය කිරීමට ගත් ප්‍රයත්නයකි “serving together medical camp.


2015 මැදින් මස 21 වෙනි දින ශ්‍රී විජය බෞද්ධ මාධ්‍යස්ථානයේදී මෙම උතුම් කර්තව්‍ය සිදු වුනි. මේ සදහා පිළියන්දල සිoහ සමාජය, කටුබැද්ද සිoහ සමාජය, කොළඹ 06 කොස්මොපොලිටන් සිoහ සමාජය මූලිකත්වය ගෙන කටයුතු කලහ. විශේෂයෙන්ම පිළියන්දල සිoහ සමාජයේ හිටපු සභාපතිවරයෙක් වන සිoහ පද්මසිරි ද සිල්වා විසින් අප ලියෝ සමාජය වෙත මේ කටයුත්ත සදහා ආරාධනා කරන්නට යෙදුනි.

ප්‍රධාන වශයෙන් මෙම සායනය මගින් ජනතාව හට විශේෂඥ වෛද්‍ය සේවය මෙන්ම “දියවැඩියාව නිවාරණය” පිළිබඳ හරවත් දේශනයක්ද ඇසීමට අවස්ථාව සැලසුනි. එමෙන්ම ඇස් කණ්නාඩි බෙදා දීමද මෙයට සමගාමීවම සිදු වුණි. කටුබැද්ද ප්‍රදේශයේ ජනතාව ඉතාමත් උනන්දුවෙන් මෙම අවස්ථාව සදහා සම්බන්ද වුහ. දහවල් 12.30 පමණ වන විට 150 කට අධික සoඛ්‍යාවක් මෙයට සම්බන්ධ වීමට වාසනාවන්ත වුහ. ඉන් පසු අපි අපගේ වෛද්‍ය සායනය නිමා කිරීමට තීරණය කළෙමු.



මෙම ව්‍යාපෘතිය විශේෂයෙන්ම ලියෝ - ලයන් සබැඳියාව වර්ධනය කිරීමට මහත් රුකුලක් වූ බව නොඅනුමානයි. ඒ වෙනුවෙන් ලියෝවරුන් වශයෙන් අප අපගේ සිoහයින් හට කෘතගුණ දැක්විය යුතුයි.