Leo Walk...

වාර්ෂිකව සන්විධානය කරනු ලබන ලියෝ වෝක් එක,එනම් දිස්ත්‍රික් 306 A2 බහු මණ්ඩල ලියෝ වරුන්ගෙ පාගමන මෙවරත් පෙබරවාරි 22 දින අති සාර්ථක අන්දමින් පෑවත්වුනි.

Lion Activity Center  ” හී සිට කොලඹ 7 විහාරමහාදේවි එලිමහන් රන්ග පීඨය තෙක් පා ගමන පවත්වුනි.  ඈරඹුමේ පටන් ඉතාමත් ප්‍රීතිමත් අන්දමින් පවත්වු මෙම වෑඩසටහන දහවල් පසු වනතෙක්ම පෑවතුනි.  ආරම්භයේ දි තම තමන්ගෙ දිස්ත්‍රික් සදහා වෙන් වෙන් වශයෙන් සරසිලි කටයුතු හා ගෑලපෙන ඈදුම් වලින් සෑරසී සිටි සියලු දෙනා තම තමන්ගෙ දිස්ත්‍රික්කයට ඔල්වරසන් නගමින් පාගමන සිදු කරන්නට විය. එමෙන්ම බොහෝ දෙනෙක් පා ගමන වෙනුවෙන් නිර්මානය කර තිබු අලන්කාර T shirt පෑලද සිටියහ. 


BMICH පසු කරමින් බොරෑල්ල හරහා පා ගමන විහාරමහාදේවී උයන දෙසට ගමන් ගන්නා විට විශාල ශබ්ද නගමින් තම තමන්ගෙ දිස්තික්කය වඩාත් කෑපී පෙනෙන දිස්ත්‍රික්කය කරගනීමට උත්සහ කරහ. පසුව පා ගමන අවසානයේ විහාරමහාදේවි උයනේ එලිමහන් රන්ග පීඨයේ පා ගමනට පසු වෑඩකටයුතු සන්විධානය කර තිබුනි. එහිදී පා ගමන සන්විධානය කල සියලු දෙනට ස්තුති කිරීමෙන් පසු Leo හා Lion සමජිකයන්ගෙ සහභගීත්වයෙන් සම්මන ප්‍රදානය පෑවත්වුනි.


එහිදී අප මොරටු විශ්ව විද්යාලීය ලියෝ සමාජය වෑඩිම සහභාගීත්වයක් ඈති ලියෝ සමාජය සදහා වන සම්මානය දිනා ගන්නා ලදී. එමෙන්ම අප 306 A2 දිස්ත්‍රික්කය හොදම සෑරසිලි සදහා වන සම්මනය දිනා ගන්න ලදී. අවසානයේ ගීත ගායන කරමින්, ඡායායරූප ගනිමින් සතුටු වූ සියලු දෙනා නවතත් 2016 දී ඊලග ලියෝ පාගමනේදී හමුවීමේ බලපොරොත්තුවෙන් විසිර ගියහ.





   

Companerismo..

හෙට දවසේ අනාගතය බාරගන්න ඉන්න නංගිලාගේ මල්ලිලාගේ නායකත්ව කුසලතා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කරන අරමුණින් ලියෝ සමාජයේ අපි ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි “Companerismo” කියන්නේ.




මේ සඳහා අපි වඩාත් සුදුසුයි කියලා හඳුනාගත්ත පාසල කොළඹ 08,සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්‍යාලය.අද සමාජයේ තියන තරඟකාරී ස්වභාවය නිසා,පාසල් අවධියේ ඉඳලා නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමේ වටිනාකම ප්‍රායෝගික විදිහට එයාලට කියලා දෙන එක තමයි ලියෝ අපේ අරමුණ වුණේ.




                                                              
ඉතින්,අපි පෙබරවාරි මාසේ විසිඑක්වෙනිදා උදේ 9ට කන්නන්ගර විද්‍යාලයට ගියේ නංගිලා,මල්ලිලා වෙනුවෙන්ම සංවිධානය කරපු වැඩසටහන් ගොඩාක් අරගෙන.මුලින්ම,අනාගතයේ දවසක එයාලා නායකයන් විදිහට සමාජයට යන්න ඉන්නා පිරිසක් නිසා, නායකත්ව කුසලතා සහ ධනාත්මක ආකල්ප වර්ධනය ගැන දේශනයක් අපි එයාලට ලබාදුන්නා.


ඊට පස්සේ ආරම්භ වුණේ එකමුතුබව,කණ්ඩායමක් විදිහට වැඩ කරන ආකාරය  වගේ නායකත්ව කුසලතා වර්ධනය වෙන විදිහට අපි එයාලා වෙනුවෙන් නිර්මාණය කරලා තිබුණු තරඟ මාලාවයි.දවස අවසානයේදී කෙටි නාට්‍ය සහ ගීත ඉදිරිපත් කරපු එයාලාට ,ලියෝ සමාජය විදිහට අපි සහතිකපත්‍රත් ,තෑගිත් ලබාදීලා එයාලාගෙන් වෙන්වෙලා ආවා.


සවියක් අවැසි කල.......

ගිලාන  උපස්ථානය කියන්නෙ බෙහෙවින් පින් වැඩෙන ක්‍රියාවක්.කවදත් සමාජයට යහපත් අලුත් දෙයක් කරන පිරිසක් විදියට අපි හිතුව මහරගම ජාතික පිලිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් දානයක් ලබාදෙන්න.ඉතින් රෝගින්ට දෙන්න සුදුසු ඖෂධීය ගුණයකින් යුතු දෙයක් නිසා අපි සූදානම් උනේ ඔවුන් සදහා ඖෂධීය කැඳ ලබාදෙන්න.



පෙබරවාරි මාසෙ 15 වෙනිදා උදේ පාන්දරම අපි ගියා පිලිකා රෝහලට.ඊට පස්සෙ රෝහල් කාර්ය මණ්ඩලයෙත් සහයෝගය ඇතිව අපි කැඳ පිළියෙ කරගත්තා.ඊට පස්සෙ අපි  කැඳ රෝහල් ගතව සිටින සෑම රෝගියෙකුටම ලබාදුන්නා.
මේ ව්‍යාපෘතිය සංවිධානය කිරිමේදී "හෙලයේ ජාතික සංවිධානයවිශේෂ සහයෝගයක් අපිට ලබාදුන්නා.ඊටත් අමතරව අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ තවත් ලියෝ සමාජ දෙකක සමග එකමුතුවෙන්.පොල්ගස්ඕවිට ලියෝ සමාජය සහ ඉන්ගිරිය යුනයිටඩ් ලියෝ සමාජය මේ මහන්ගු පින්කමේ දි අපිත් සමග අත්වැල් බැඳගත්තා.
මේ ව්‍යාපෘතිය සදහා ලියෝ සාමාජිකයින් 40ක් පමණ සහභාගි වුනා.රෝහලේ සිටි 1000 ක් පමණ රෝගින්ට ඖෂධීය කැඳ බෙදා දිම සාර්ථකව අපිට සිදුකරන්න හැකියාව ලැබුනා.ඉතින් මේ අකාරයට මේ මහඟු පින්කම නිමකිරිමෙන් ලැබුනු සතුටත් එක්කම අපි සියලු දෙනා එම ස්ථානයෙන් පිටත්වෙලා පැමිණියේ තවත් දවසක ඔවුන්ව හමුවන බලාපොරොත්තුවෙන්.







Rotaract-Leo Cricket Fiesta...

සෑම වර්ෂයකම එලඹෙන ආදරවන්තයන්ගේ දිනයට අලුත් මුහුනුවරක් එකතු කරන්න අපි කල්පනා කරා.අපේ විශ්වවිද්‍යාලයේ ම තියෙන Rotaract සමාජයත් එක්ක එකතු වෙලා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන්න අපේ ලියෝ සමාජය කල්පනා කරේ ඒ කලින් කිවුව වෙනස ඈති කරන්නයි.


පෙබරවාරි මාසෙ 14 වෙනිදා උදේ පාන්දරම අපි  විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා පිටියට ආවෙ තරගාවලියට අවශ්‍ය සියලු දේ රෑගෙනයි.අපි බලාපොරොත්තු වුවාටත් වඩා ක්‍රිකට් කණ්ඩයම් ප්‍රමානයක් මේ තරගාවලිය සදහා සහභාගී වීමට පෑමින සිටියා.උදෑසන 8.30 ට පමන අපට තරගාවලිය ආරම්භ කිරීමට හෑකියාව ලෑබුනා.මෙම තරගාවලිය පිලිමලුන් පිටු දෑකීමේ ක්‍රමයට පෑවෑත්වුනා.
තරගාවලිය ආරම්භයෙ පටන් ඉතාම තරගකාරී බවක් දක්නට  ලෑබුනා.මූලික වට කිහිපය අවසාන වීමත් සමගම අවසාන වට වල තරග සවස් වරුවේ දී ආරම්භ වුනා.මෙම සුවිශේශී ක්‍රිකට් තරගාවලියේ අවසාන මහ තරගයට සුදුසුකම් ලෑබුවේ "Mora Combine" සහ "Ice blasters" කන්ඩායම් ද්විත්වයයි.
තරගාවලියේ ශූරතාවය දිනාගෑනීමට සමත් වූයේ "Mora Combine " කණ්ඩයමයි.





තරගාවලියේ ශූරයන්ට,අනු ශූරයන්ට සහ තරගාවලියේ දක්ශතම පන්දු යවන්නා,පිතිකරුවා සහ තුන් ඉරියවු ක්‍රීඩකයා වෙනුවෙනුත් මෙහිදී ත්‍යාග සහ සහතිකපත් පිරිනමනු ලෑබුවා.
විශ්ව විද්‍යාලයේ සිසුන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුනින් පෑවති මෙම තරගාවලිය ඉතාමත් සාර්ථකව අවසන් වුනා.