කැකුළු අරණ...

පුංචි මල් කැකුළු වෙනුවෙන් හැමදාමත් කැපවෙන UOM LEOs අපි මෙවරත් ලෝක ළමා දිනය නම් අමතක කරේ නැහැ. ලෝක ළමා දිනය සැමරීමට අපි මෙවර එක්වුනේ මොරටුව විශ්වවිද්යාලය අසළ පිහිටි සුමුදු පෙර පාසලේ දරු දැරියන් සමඟයි.


උදෑසනින්ම එහි ගිය අපිට ඔවුන්ගෙන් ලැබුනෙ උණුසුම් පිලිගැනීමක්. දව පුරාම ඔවුන් සමඟ ගත කරමින් විවිධ ක්රියාකාරකම් වලට ඔවුන් සමඟ එක්වන්නට අපිට පුලුව්න් උනා. මේ හැම දෙයක් අතරෙම ඔවුන් අපිත් සමඟ ඉතාම මිත්රශීලී උනා.

දිනය පුරාම පුංචි සිත් සතුටින් පුරවාලූ අපි ඔවුන්ට තෑගි බෝග දෙන්නත් අමතක කරේ නෑ. මේ ගෙවුනු සොඳුරු පැය කිහිපය ලෝක ළමා දිනය අර්ථවත්ව සමරන්නට අපිට පුලුවන් උනා විතරක් නෙවෙයි අපි බොහෝ දෙනෙකුට තමන්ගෙ ජීවිතයේ කුඩා කාලය සිහිපත් කරගන්නටත් ඉවහල් උනා.


මේ මහඟු කර්තව් සඳහා අපිට උදව් උපකාර කරපු පෙර පාසලේ ආචාර්යතුමිය ඇතුලු සියලු දෙනාට ස්තුති කිරීමත් අපේ යුතුකමක්. 

No comments: