පුංචි අපේ නත්තල

පුංචි ලමයි මල් වගේ කියල හමෝම කියන්නෙ. උනාට හැම මලම එක වගේ නෑ නේද? මේ වගේ හැමදාම හමු නොවන මල් පොකුරක් සොයාගෙන ලියෝ අපි පසුගිය දිනක 2015 දෙසැම්බරයේ 24 වන දින කිතුලම්පිටිය ලමා නිවාසයට ගියේපුංචි අපේ නත්තලඅරගෙන.

අම්මගේ තාත්තගේ ආදරය අහිමි වෙලා අලුතින්ම තනාගත්ත ලෝකයක ජීවත්වන පුංචි පැටවු දැකලා අපේ හදවත් උණු වුණා. අපිත් එක්ක කතා කරන්න සෙල්ලම් කරන්න ඔවුන් දෙවරක් සිතුවේ නෑ. කරුණාවන්ත හදවත් ඇති නොමසුරු මිනිසුන් ජීවත්වන ලංකාවේ මේ පුංචි දරුවන්ට තෑගි බෝග සොයාගන්න අපට තරම් අපහසු උනේ නැහැ. පුංචි මුහුනු වල ඇදුණු සිනහව වෙනුවෙන් දහස් වාරයක් ඔවුන්ට පින්.


දිස්ත්රික් සභාපති ප්රමෝද් විමලතුංග, සිංහ සමාජය නියෝජනය කරමින් පැමිණි මීනා වෙල්ලාල, විදුල හසරංග සහ ලියෝ නවීන් ලමාහේවා අයියලගේ පැමිණීම සැබැවින්ම අපට ආශිර්වාදයක් වුණා. ඔවුන්ගේද උපකාර ඇතිව මදුරු දැල්, කිරි පිටි, සෙල්ලම් බඩු හා තවත් දරුවන්ට අවශ් දේවල් අපි රැගෙන ගියා. අපි පැටවුන්ට තේ පැන් සංග්රහයකුත් සූදානම් කලා. අපි රැගෙන ගිය දේ අතරින් සෙල්ලම් බඩු වඩාත් ඔවුන්ගේ සිත් ගත්තා. හය හතර නොතේරෙන අහිංසක දරු පිරිසකට ටික වේලාවකට හෝ සතුටක් ලබා දීමට පුලුවන් වීම සබැවින්ම අප ලැබූ විශාල භාග්යයක්. සෙල්ලම් බඩුවකට ඔවුන් තරම් සතුටු වූවා නම් ඔවුන්ගේ දෙමව්පියන් සිටියා නම් ඔවුන් කෙතරම් සතුටු වනු ඇත්ද? එතැනින් නික්ම ආවත් අපේ සිත් තුල ඔවුන් වෙනුවෙන් සැමදාලොකු ඉඩක් වෙන්වෙලා තිබෙනු නියතයි.

No comments: