LEO Cricket Tournament & After Party

හැමදාමත් අලුත් ව්‍යාපෘති එක්ක කාර්ය බහුල වෙන UOM LEOS අපි, අපේ ලියෝවරුන්ට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියෙ ව්‍යාපෘතියක් විදියට තමයි ක්‍රිකට් තරඟය සංවිධානය කරේ.


වසර ගාණකට කලින් ලියෝ සමාජයට එක්වුණු ජ්‍යෙෂ්ඨ සාමජිකයන් වගේම නවක සාමජිකයිනුත් හවස 2 විතර වෙද්දි විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයට එකතු උනා. කණ්ඩායම් කිහිපයක් විදියට තරඟයට එක්වුනත් සියලුම දෙනා සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් තරඟයට එක්වුනේ වසර ගණනක මතකයත් ආවර්ජනය කරමින්.

තරඟය අවසානයේදි ජයග්‍රාහකයන්ට කුසලාන  වගේම හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා සඳහාත් සම්මාන ලබාදුන්නා.

සතුට විනෝදය පිරුනු සන්ධ්‍යාව පුංචි සාදයකින් වගේම විනෝදාත්මක තරඟ කිහිපයකිනුත් සමන්විත උනා.
විවිධාකාර හැකියාවන්ගෙන් පරිපූර්න ලියෝවරුන්ගෙ ක්‍රීඩාශීලිත්වය සොඳුරු සැඳෑව ආලෝකවත් කරේ වැස්සෙන් එකතු වුන බාධාවනුත් ආශිර්වාදයක් කරගෙන.


No comments: