සිතැඟි


සවන් පත් නුඹේ ලොවක් නොඇසුවත්, නුඹේ දෙනෙත් යුග දහසක් දේ දැකීමට රිසිය. නුඹේ දැක්ම අපගේ ශ්‍රවණ පරාසය ඉක්මවා යාමට තරම් පුළුල්ය. 


දයානුකම්පිත සිතින්, ඔවුන්ගේ නෙත් සනසවාලන්නට රත්මලාන බිහිරි විද්‍යාලයේ මාර්තු 23 වෙනිදා දවස පුරා පැවති "සිතැඟි"පළමු දිගහැරුම, තවත් ඔවුනට එක් දිනක් නොවූ බව නිසැකය. ජීවිතය සරි කරගන්නට අවැසි බොහෝ දේ සිතුවමකින් ආවර්ජනය කරන්නට මොරටුව ලියෝ සමාජය හා මොරටුව විශ්ව විද්‍යාලයීය භූමි නිර්මාණ වේද එකමුතුව එක්ව පැවති "සිතැඟි" සියලු දෙනාගේ සඵල වූ සිහිනයකි. නෙතින් විඳින්නට සිතුවම් ජීවමාන කර, ඔවුන්ගේ සිත් සතුටු කරන්නට මෙන්ම යමක් උගන්වන්නටද දැරූ වෑයම මහත් සේ මල්ඵල ගැන්විණි

අපිට කවදත් හුරු පුරුදු රත්මලාන බිහිරි විද්‍යාලයට අපි මෙවර ගියේ ඔවුන්ගේ අධ්‍යාපනයට උදවුවක් කිරිමේ අරමුණින්.එහිදී අපි ඔවුන්ගේ විද්‍යාලයේ බිත්ති වල විවිධ ආකාරයේ සිත්තම් නිර්මාණය කරා.මේ සියල්ලක්ම ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය වන සිතුවම් වුනා.රටේ පරිපාලන දිස්ත්‍රික්ක ,ශරීරයේ කොටස් ආදී විශාල සිතුවම් ප්‍රමාණයක් UOM සහ සහයෝගයෙන් නිර්මාණය කරා.





ඒ සියල්ල අවසානයේ අපේ පැතුම උනේ අපේ දායකත්වය ඔවුන්ගේ අධ්‍යාපනයට මහඟු උපකාරයක් වනු ඇතැයි කියායි.










No comments: