Rotaract-Leo Cricket Fiesta...

සෑම වර්ෂයකම එලඹෙන ආදරවන්තයන්ගේ දිනයට අලුත් මුහුනුවරක් එකතු කරන්න අපි කල්පනා කරා.අපේ විශ්වවිද්‍යාලයේ ම තියෙන Rotaract සමාජයත් එක්ක එකතු වෙලා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන්න අපේ ලියෝ සමාජය කල්පනා කරේ ඒ කලින් කිවුව වෙනස ඈති කරන්නයි.


පෙබරවාරි මාසෙ 14 වෙනිදා උදේ පාන්දරම අපි  විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා පිටියට ආවෙ තරගාවලියට අවශ්‍ය සියලු දේ රෑගෙනයි.අපි බලාපොරොත්තු වුවාටත් වඩා ක්‍රිකට් කණ්ඩයම් ප්‍රමානයක් මේ තරගාවලිය සදහා සහභාගී වීමට පෑමින සිටියා.උදෑසන 8.30 ට පමන අපට තරගාවලිය ආරම්භ කිරීමට හෑකියාව ලෑබුනා.මෙම තරගාවලිය පිලිමලුන් පිටු දෑකීමේ ක්‍රමයට පෑවෑත්වුනා.
තරගාවලිය ආරම්භයෙ පටන් ඉතාම තරගකාරී බවක් දක්නට  ලෑබුනා.මූලික වට කිහිපය අවසාන වීමත් සමගම අවසාන වට වල තරග සවස් වරුවේ දී ආරම්භ වුනා.මෙම සුවිශේශී ක්‍රිකට් තරගාවලියේ අවසාන මහ තරගයට සුදුසුකම් ලෑබුවේ "Mora Combine" සහ "Ice blasters" කන්ඩායම් ද්විත්වයයි.
තරගාවලියේ ශූරතාවය දිනාගෑනීමට සමත් වූයේ "Mora Combine " කණ්ඩයමයි.





තරගාවලියේ ශූරයන්ට,අනු ශූරයන්ට සහ තරගාවලියේ දක්ශතම පන්දු යවන්නා,පිතිකරුවා සහ තුන් ඉරියවු ක්‍රීඩකයා වෙනුවෙනුත් මෙහිදී ත්‍යාග සහ සහතිකපත් පිරිනමනු ලෑබුවා.
විශ්ව විද්‍යාලයේ සිසුන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුනින් පෑවති මෙම තරගාවලිය ඉතාමත් සාර්ථකව අවසන් වුනා.

No comments: